Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගල් කාලයි – බත් එකයි, කොරෝනාට තොත්තුවයි – නීතිය බල්ලට වැටෙයි – නුවරඑළියේ ජවුසමයි

නුවරඑලිය මහ නගර සභාවේ සිංහල හින්දු  අලුත් අවුරුදු උත්සවය එම මහ නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් (25) දින පස්වරුවේ නුවරඑලිය ග්‍රෙගරි වැව පරිශ්‍රයේදි පවත්වා තිබෙනවා.

නගර සභාවේ සේවක සේවිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වු සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයේ තරග ඉසව් ගණනාවක්ද පවත්වා ඇති අතර , සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට සහභාගි වු එම නගර සභාවේ කම්කරුවන් කිහිප දෙනෙකු  ට දිවා ආහාරය සමග මිලිලිටර් 175 ක මත්පැන් බෝතලයක්ද ලබාදිමට අවුරුදු උත්සව කමිටුව කටයුතු කර තිබු බව ද වාර්තාවනවා.

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට සහභාගි වු සේවකයින් වැඩි පිරිසක් නිරෝධායන උපදෙස් වලට පටහැනිව සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට සහභාගි වි සිටි බවයි නුවරඑලිය ග්‍රෙගරි වැව පරිශ්‍රයේ සංචාරයේ යෙදුණු පිරිස් කියා සිටින්නේ.

නුවරඑලිය මහ නගර සභාව විසින් සංවිධානය කර තිබු නුවරඑලිය වසන්ත උදානයට දේශිය සංචාරකයන් විශාල පිරිසක් ද පසුගිය දින කිහිපය තුළ නුරඑලියට පැමිණ සිටි අතර, එසේ පැමිණි විශාල පිරිසක්ද නිරෝධායන උපදෙස්වලට පටහැනිව සංචාරය කරන අයුරු ද දක්නට ලැබුණා.

සති අන්ත දිර්ඝ නිවඩුවට නුවරඑලිය මහ නගර සභා සිමාවේ පිහිටි සියළුම නිවාඩු නිකේතන , සංචාරක හෝටල් සහ නවාතැන් පහසුකම් ලබාදෙන ස්ථානවල සංචාරකයන්ගෙන් පිරි ඉතිරි තිබෙනවා.

කෙසේ වෙතත් මෙලෙසින් සිදුකරන උත්සවය සහ නීති උල්ලංඝනය කිරීමේ තත්වයන් පිළිබඳ තමන් වෙත තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් මධ්‍යම පලාත් පලාත් පාලන කොමසාරිස්වරයාට උපදෙස් ලබාදුන් බවත් මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා සඳහන් කළා.

© හැටන් රංජිත් රාජපක්ෂ

About The Author