Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගම්මන්පිල කට අරී – මව්බිමේ ද්‍රෝහීන් යළි කරළියට ගෙනෙයි

අද හෙට පවරා ගන්නවා කියූ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සියල්ලම සදාකාලයටම විකුණා දමා ඇති බව ද සොයාගනී

ඉන්දීය විදේශ කටයුතු ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා පසුගියදා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණ නිරීක්ෂණය කිරීමේ චාරිකාවක සම්බන්ධ වීම සමගින් නැවත වතාවක් අදාල තෙල් ගබඩා සංකීර්ණය ඉන්දියාවට පැවරීම පිළිබඳ සාකච්ඡාවක් නිර්මාණය වී තිබෙනවා.

මෙහි තීරණාත්මක කඩඉම ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ඛනිජ තෙල් සංවර්ධන පනත් කෙටුම්පත බවට විපක්ෂය චෝදනා එල්ල කරනවා.

ෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසන්නේ මෙම පනතට එරෙහිව කටයුතු කරන්නන් මව්බිමේ සතුරන් පමණක් බවයි.

ඔහු එලෙසින් අවධාරණය කර තිබෙන්නේ අද (4) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඉන්දියානු විදේශ කටයුතු ලේකම්වරයා සමඟ උදය ගම්මන්පිල ඇමතිවරයා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නිරීක්ෂණය කිරීමට ගිය නිල සංචාරය පිළිබඳව ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති එකමුතුව මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුකළ අනතුරු ඇඟවීමට පිළිතුරු දීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා,

එහිදී ඇමතිවරයා “වෘත්තීය සමිති විසින් නොදැන සිටියත් ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ තිබෙන ටැංකි සීයයම 1987 සහ 2003 අත්සන් කළ ඉන්දු – ලංකා ගිවිසුම් අනුව ඉන්දියාවට බාර දීලා හමාරයි. මා ඉන්දියාව හා ගැටෙමින් වසරක් පුරාවට උත්සාහ දරමින් සිටින්නේ මෙම තෙල් ටැංකි නැවත ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් පමණයි.” යනුවෙන් පවසා තිබෙනවා.

මේ පිළිබඳව ඛනිජ තෙල් වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ මෙම සංශෝධන මගින් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සියල්ලම 2023 සිට ඉන්දියානු IOC සමාගමට විකිණීමේ සැලසුම්ක් ඇති බවය.

එමෙන්ම මීට මාස කිහිපයකට පෙර උදය ගම්මන්පිල මහතා අවධාරණය කළේ තවත් වසර කිහිපයකින් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ශ්‍රී ලංකා රජය සතු කර ගන්නා බවයි.

මේ සම්බන්ධයෙන් සමාජයේ දැඩි ආන්දෝලනයක් ද නිර්මාණය වුණා.

About The Author