ගියොත් ගුටි කන්න වෙන බවත් දැනුම් දීලා
රට තුළ ඇති වී තිබෙන බරපතල අර්බුද ජාලය හමුවේ ඇති වී තිබෙන විරෝධතා රැල්ල හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මහජන නියෝජිතයන් සියලු දෙනාම පාහේ කොළඹ තම නිල නිවාස වල රැඳී සිටීමට වැඩි නැඹුරුවක් දක්වමින් ඇති බව දැනගන්නට ලැබෙනවා.
ඊට හේතු වී ඇත්තේ ගම් මට්ටමින් ඇතිවෙන විරෝධතාවයන් හිදී තමන්ට සහ තම නිවාස වලට ද ජනතාව විසින් පහර දීමක් සිදු කළ හැකි බවට මතුව ඇති බරපතල අවිශ්වාසයයි.
ආරක්ෂක අංශ විසින් ද ඔවුන්ට ඒ සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇති බවද අප වෙත වාර්තාවී තිබෙනවා.
ඒ අනුව ඔවුන්ගේ කොළඹ පිහිටි නිල නිවාස සහ මාදිවෙල පිහිටි නිල නිවාස වලට පොලිසියට අමතරව යුධ හමුදා ආරක්ෂාවද ලබා දීමට සැලසුම් කර ඇති බවද වාර්තාවනවා.
ඒ වෙනුවෙන් යුධ හමුදා බල ඇණි කිහිපයක් සුදානම් කර ඇති බවද සඳහන්.


අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?