Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොළඹ මැද්දෙන් චීනයට අයිති පාරක් – කැබිනට් අනුමැතියත් හිමිවෙයි

අතුරුගිරිය අන්තර් හුවමාරුව සහ නව කැලණි පාලම සම්බන්ධ කරමින් කණු මතින් ඉදිකරනු ලබන අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා ලංසු කැඳවා තිබු බවත් එහි ආකර්ෂණීයම ලංසුව (China Harbour Engineering Corporation) චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම විසින් ඉදිරිපත් කර තිබු බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ අදහස් පළකළේ අද (25) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක වෙමින්.

ඒ අනුව අදාළ මාර්ගය ඉදිකිරිම ආකර්ෂණීයම ලංසුව ඉදිරිපත් කර තිබු (China Harbour Engineering Corporation) චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම වෙත අදාළ ව්‍යාපෘතිය පිරිනැමීමට අප්‍රේල් මස 08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වූ බවයි ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය ඉදි කොට පවත්වාගෙන ගොස් පවරා දීමේ (BOT) පදනම මත ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

උදය ගම්මන්පිල මහතා පැවසුවේ වසර 3ක් තුළ අදාළ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුවන බවයි.

එමෙන්ම තවත් වසර 15 එම මාර්ගයේ සම්පුර්ණ අයිතිය අදාළ චීන සමාගම විසින් දරණු ඇති බවත් පවසන උදය ගම්මන්පිල පෙන්වා දෙන්නේ එම කාලය තුළ අදාළ සමාගම විසින් මාර්ගය ඉදිකිරීමට අදාළ ලාභය උපයාගනු ඇති බවයි.

ඉන් අනතුරව, එනම් වසර 18 කට පසුව එම මාර්ගයේ අයිතිය ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවද ගම්මන්පිල මහතා මෙහිදී සඳහන් කළා.

About The Author