මෙවැනි වෙලාවකවත් එකට ඉන්න බැරි දේශපාලනය මොකටදැයි ප්‍රශ්න කරයි
රටේ ජනතාව බරපතළ අර්බුදයකට මුහුණ පා ඇති මොහොතක විපක්ෂයක් ලෙස සියළු කණ්ඩායම් එකට සිටීමේ වැදගත්කම අවධාරණය කරමින් කොළඹ පුරපති රෝසි සේනානායක මහත්මිය මාධ්‍ය නිවේදනයක් යොමුකර තිබෙනවා.
ජනතාව පීඩාවට පත් කරන ආණ්ඩුව සම්බන්ධයෙන් දැඩි විවේචන සිදු කරන රෝසි සේනානායක මහත්මිය සඳහන් කරන්නේ මේ වන විට ආණ්ඩුව සිය බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දේශපාලන දාදු ක්‍රීඩාව ආරම්භ කර ඇති බවයි.
ආණ්ඩුව එලෙස කටයුතු කරද්දී විපක්ෂය තවමත් බෙදී වෙන් වී කටයුතු කිරීම කණගාටුදායක තත්ත්වය පෙන්වා දෙන පුරපතිවරිය සිහිපත් කරන්නේ විපක්ෂ නායකවරයාට මෙහිදී ප්‍රධාන කාර්යභාරයක් පැවරී ඇති බවයි.
පවතින අරගලයට ප්‍රජාතන්ත්‍රවාදීව ව්‍යවස්ථාදායකය හරහා පිළිතුරු සොයා ගැනීමේ කාර්යභාරය වෙනුවෙන් විපක්ෂයේ සියලු දෙනා එකට එක්විය යුතු බවයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කර ඇත්තේ.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි