කොළඹ නගරයේ ඇති වාණිජ වටිනා කමින් ඉහල ඉඩම් සහ ගොඩනැගිලි රැසක් හිස් කිරීමේ වැඩ පිළිවෙලක් රජය විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.
2015 වසරට පෙර පැවති රජය යටතේද මෙලෙසින් කොළඹ නගරයේ සුවිශේෂී ඉඩම් සහ ගොඩනැගිලි රැසක් මෙලෙසින්ම හිස් කෙරුණු අතර කොම්පඤ්ඤ විදිය ප්‍රදේශයේ ජනතාව රැඳී සිටි නිවාස, යුධ හමුදා මුලස්ථානය ඇතුළු වාණිජ වටිනා කමින් ඉහල ස්ථාන කිහිපයක් ඊට ඇතුළත් වුණා.
එලෙස පවරා ගත් ඇතැම් ඉඩම් රජය විසින් විදෙස් රටවලට ලබා දී තිබුණේ එම ඉඩම් වල සින්නක්කර හිමිකමද සමගින් වීම විශේෂත්වයක්.
මේ මොහොත වන විටද එවැනි ඉඩම් පවරා ගැනීමක් සිදු වෙමින් පවතින අතර මේ සඳහා රජයේ සහ මහ බැංකුවේද පුර්ණ ආශිර්වාදය සහිතව “සේරන්දිවා” නමින් නව සමාගමක්ද පිහිටුවා අවසන්.
මේ හරහා පවරා ගන්නා ඉඩම් මොනවද? ඒවායේ ආයෝජනය සඳහා ලබා දෙන්නේ කාටද? මේ ප්‍රශ්න පිළිබඳ සිරස News 1st ඔස්සේ අද (29) විශේෂ අනාවරණයක් සිදු කරනු ලැබුවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට