Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොළඹ ජාතික රෝහලේ “ඔක්සිජන් හොරු රංචුවක්”

කොළඹ ජාතික රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් සොරා ගැනීමේ ජාවාරමක නිරත වූ බවට සැකපිට එම රෝහලේම හෘද රෝග අංශයේ,දැඩි සත්කාර ඒකකයේ සේවය කරන සෞඛ්‍ය කාර්යය සහායකයකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය සඳහන් කරනවා.

වාට්ටු අංක 43 ගබඩා කර තිබූ ඔක්සිජන් සිලින්ඩර් දෙකක් සොරාගෙන ගොස් ඇති බවට එම වාට්ටුවේ සේවය කරනු ලබන සෞඛ්‍ය කාර්ය සහායකයකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ක්ෂණිකව සිදුකළ විමර්ශනයේදී එම සිලින්ඩර් දෙක සමඟ සැකකරු රෝහල් පරිශ්‍රයේදී ම අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසන්නේ.

සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව එම සොරකමට සම්බන්ධ වූ තවත් සෞඛ්‍ය කාර්යය සහායකයකු ද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවයි වාර්තාවන්නේ.

මේ අතර හදිසි බාහිර රෝගී අංශයේ හෙද නිලධාරිනියක් ද පැමිණිල්ලක් කරමින් දැන්ව ඇත්තේ එම අංශයේ තිබූ ඔක්සිජන් සිලින්ඩරයක් ද අතුරුදන්ව ඇති බවයි මෙම සිදුවීම් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

About The Author