Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොළඹ, කළුතර, මීගමුව අවට ධීවර ජන ජිවිතත් අනතුරට වැටෙයි

කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගනිමින් ඇති නෞකාවේ සිදුවූ පිපිරීමත් සමග මුහුදට වැටුණු රසායනික බහාලුම් සහ ද්‍රව්‍ය සම්බන්ධයෙන් රජය විසින් ජනතාවට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම බහාලුම්වල ඇති රසායනික මගින් ශ්වසන අපහසුතා සහ වෙනත් ආසාත්මිකතා පෙන්වන බවයි ධීවර රාජ්‍ය අමාත්‍යංශයේ කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ.

ඔහු විසින් තම නිල Facebook ගිණුමේ තබා ඇති සටහන මෙන්න..

කොළඹ, කළුතර, මීගමුව වෙරළාසන්න ප්‍රදේශවල ධීවර ජනතාවට විශේෂ නිවේදනය

දැනට ලැබී ඇති තොරතුරු අනුව කොළඹ වරායට ආසන්නයේ ගිනි ගැනීමට ලක් වූ නෞකාවේ අද උදෑසන සිදු වූ පිපිරීමත් සමඟ යම් බහාලුම් ( containers ) ප්‍රමාණයක් මුහුදට වැටී ඇත.

එම බහාලුම් අතර තිබූ බහාලුම් තුනක epoxy resin නම් රසායනික ද්‍රව්‍යය අඩංගු වන බව දැනුම් දී ඇත.එම රසායනික ද්‍රව්‍ය මගින් ශ්වසන අපහසුතා සහ සමෙහි ගැටුනහොත් ආසාත්මිකතා පෙන්වන බවද වැඩිදුරටත් දැනුම් දී ඇත.

ඒ හේතුවෙන් යම් හෙයකින් පාවෙමින් තිබෙන බහාලුමක් දුටුවහොත් වහාම එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට සුළු පන්න ධීවර කාර්මිකයින්ට සහ වෙරළාසන්න ප්‍රදේශවල ජීවත්ව සිටින සියලුම ධීවර ජනතාවට දැනුම් දෙන්න.

තවද එවැනි බහාලුමක් දුටුවහොත් ළඟම තිබෙන පොලිසිය හෝ අප ධීවර කාර්යාලය දැනුවත් කරන ලෙස ඔවුන් හට දැනුම් දෙන්න.

ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිවේදනයක්

About The Author