Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොස්ගම සාලාවේ බෝම්බයක් නැවත පුපුරයි !

පාසල් සිසුවෙකුට බරපතල තුවාල

කොස්ගම සාලාව ප්‍රදේශයේ නිවසක මිදුලේ  තිබු මෝටාර් බෝම්බයක කොටසක් පුපුරායෑමෙන් 15 හැවිරිදි  පාසල් සිසුවෙක් බරපතළ තුවාල ලබා කොළඹ ජතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසනවා.

2016 වසරේ සාලාව අවි ගබඩාව පිපිරීමෙන්  තැන තැන විසිර තිබු මෝටර් බෝම්බයක කොටසක් මෙලෙස පුපුරන්නට ඇතැයි පොලීසිය සැක කරනවා.

ඊයේ (27) පස්වරුවේ මෙම බෝම්බ කොටස තලමින්  සිටියදී  එය පුපුරා ගොස් ඇති බවද පොලිසිය කියයි.

සිද්ධියෙන් සිදුවාගේ දෙකකුල්, බඩ ප්‍රදේශයට බරපතල  තුවාල සිදුව ඇති අතර ඔහු  කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තාවන්නේ.

@ මුලාශ්‍රය – ලංකාදීප

About The Author