මෙවර අලුත් අවුරුදු සමයේදී ජනතාවට සෞඛ්යාරක්ෂිත ලෙස පොල් තෙල් මිලදී ගැනීම සඳහා අවශ්‍ය වට පිටාව නිර්මාණය කර දෙන ඉල්ලා එක්සත් ජාතික පක්ෂ ලක්වනිතා පෙරමුණ විසින් පාරිභෝගික සේවා අධිකාරිය සහ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ලිඛිතවම දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
එහිදී ඔවුන් ඉල්ලා තිබෙන්නේ පිළිකාකාරක පොල් තෙල් තොග වෙළඳ පොළට නිකුත් වී ඇති බව තහවුරු වී ඇති මොහොතක අදාළ තෙල් අලෙවි කරන ආයතන සහ වෙළඳ සන්නාම ජනතාවට හෙළි කොට ඒවා ජනතා පරිභෝජනයෙන් ඉවත් කිරීමට වහා මැදිහත්වන ලෙසයි.
එක්සත් ලක්වනිතා පෙරමුණේ කැඳවුම්කරු ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය සඳහන් කළේ මේ වන විට පිළිකාකාරක පොල් තෙල් සහ පරිප්පු වෙළඳ පොළ තුලින් හමුවන තත්වයක් තුළ ජනතාවගේ ජීවිත බරපතල අවධානමකට පත්ව ඇති බවයි.
ආණ්ඩුවේ සහ එයට සම්බන්ධ ආයතනවල ප්‍රධානීන්ගේ වගකීම් විරහිත සහ වංචාකරුවන් ආරක්ෂා කිරීමේ කටයුතු හේතුවෙන් මෙවර අලුත් අවුරුද්දේදී ජනතාව කොරෝනාවට මුහුණ දෙනවාද නැතිනම් පිළිකාවට මුහුණ දෙනවාද යන බරපතල ව්‍යසනයට ඇද දමා ඇති බවද ඇය සඳහන් කළා.
මෙම අසාධාරණයට එරෙහිව කාන්තාවන් ,ගෘහණියන් සහ මව්වරුන් ලෙස ලක්වනිතාවන් අඛණ්ඩව පෙනී සිටින බවද අප වෙත අදහස් පළකරමින් ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය අවධාරණය කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට