ජනප්‍රිය චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන් සහ වෙබ් මාලාවන් රැසක කොටස්කරුවෙකු වූ වික්‍රම්ජීත් කන්වර්පාල් කෝවිඩ් -19 සංකූලතා හේතුවෙන් සිකුරාදා දින මිය ගොස් තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 52 කි.
ට්විටර් වෙබ් අඩවියේ පණිවිඩයක් නිකුත් කරමින් චිත්‍රපට නිෂ්පාදක, අශෝක් පණ්ඩිත් කියා සිටියේ තමා මෙම දක්ෂ නළුවාගේ වියෝව පිළිබඳ ශෝක වන බව යි.
“සුප්‍රකට නළුවෙකු වූ මේජර් වික්‍රම්ජීත් කන්වර්පාල්ගේ අභාවය ගැන අද උදෑසන අසන්නට ලැබීම කණගාටුවට කරුණකි. විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන කන්වර්පාල් බොහෝ චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලාවල සහාය චරිත නිරූපණය කර ඇත. ඔහුගේ පවුලේ අයට සහ සමීප අයට මාගේ හෘදයාංගම ශෝකය.”
වික්‍රම්ජීත් කන්වර්පාල් 2003 දී ඉන්දීය හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව සිය රංගන දිවියට පිවිසියේ ය. ඔහු “පේජ් 3”, “රොකට් සිං”, “ආරක්ෂන්”, “මර්ඩර් 2”, “2 ස්ටේටස්” සහ “ද ගාසි ඇටෑක්” වැනි චිත්‍රපටවල රඟපෑවේ ය.


අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර