මුව ආවරණ ඉවත් කිරිමට ශ්‍රී ලංකාව තීරණය කර ඇති බව ජනපති ප්රමුඛ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නිදහස් දින සැමරුමේදී ක්‍රියාවෙන් සන්නිවේදනය කරයි
කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා මුව ආවරණ පැළදීම අනිවාර්ය කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති මොහොතක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ත්‍රිවිධ හමුදා ප්‍රධානින් ,පොලිස්පතිවරයා ඇතුළු ප්‍රභූන් සහභාගී වූ 74 වන නිදහස් සැමරුමේදී මුව ආවරණ ඉවත් කරමින් සියලු දෙනා නිදහස් සැමරුම් පෙළපාලියට එක්ව සිටියා.
එපමණක්ද නොව ජනාධිපතිවරයා මෙන්ම ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ද මුව ආවරණ පැළඳ සිටියේ නැහැ.,
විශේෂයෙන්ම යුධ හමුදා වෛද්‍ය බලකාය පවා මුව ආවරණ නොමැතිව නිදහස් සැමරුම් පෙළපාලියට එක්ව සිටීම විශේෂත්වයක්.
ඒ අනුව මුව ආවරණ පැළඳීම අනිවාර්යය නොවන බවට වන පණිවිඩය සමාජ ගත වනවා.
එසේ නොමැති නම් මෙම ක්‍රියාව කොරෝනා මර්දනය සඳහා පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ ප්‍රසිද්ධියේ උල්ලංඝනය කිරීමක් වන අතර ඒ සඳහා නියම කළ හැකි දඩ මුදල රුපියල් 10 000 ක් බවයි දැක්වෙන්නේ.
ඒ අනුව මෙම ක්‍රියාව නීති විරෝධී නම් විශාල දඩ ආදායමක් රජයට මේ හරහා හිමි කර ගත හැකියි.
නැති නම් රටේ සියලු ජනතාවට මුව ආවරණ පැළඳීම සිදු නොකිරීම සඳහා මෙය පූර්වාදර්ශයක් කර ගත හැකියි.
මීට පෙර පැවති මහනුවර දළදා පෙරහැර පවා පැවැත්වුණේ නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව යමින් බව අපට අමතක නැහැ.
එයට සහභාගී වූ සියලුම නර්තන ශිල්පින් පාහේ මුව ආවරණ පැළඳසිටිනු
අද මතුවූ මෙම උභතෝකෝටිකය පිළිබඳ රටේ සෞඛ්‍ය ප්‍රධානින් වහා ජනතාව දැනුවත් කළ යුතුයි.
ඊට හේතුව වන්නේ නිදහස් දින සැමරුම් උළෙල ද රටේ සාමාන්‍ය නීති රේගුලාසින්ට යටත්ව රට තුළ පැවැත්වෙන උත්සවයක් වන බැවිනි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට