Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනා මරණ ගැන තොරතුරු වෙනස් කරන්නේ චක්‍රලේඛයක් නිසා – සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය ආණ්ඩුවෙන් ගිලිහිලා

සෞඛ්‍ය අමාත්‍යංශයේ පාලනය මේ වන විට රජයේ අමාත්‍යවරියගේ අතින් ගිලිහී ගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරනවා.

ඔහු සඳහන් කරන්නේ මේ වන රජය විසින් සිදු කරන ලද PCR පරීක්ෂණ සංඛ්‍යාව 25000 සිට 15000 දක්වා අඩු කිරීමට ඇතැම් කණ්ඩායම් කටයුතු කර ඇති බවයි.

එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කොරෝනා එන්නත් අවභාවිතාවක යෙදෙන බවට චෝදනා කළ උපුල් රෝහණ මහතා සඳහන් කළේ කොරෝනා මර්ධන එන්නතෙහි පළමු මාත්‍රාව ලබාදීමේදී ද ඔවුන් විසින් නීති රීති සහ ආචාර ධර්ම සියල්ල කඩ කරමින් සිය හිතවතුන්ට එන්නත් ලබා දී ඇති බවයි.

එමෙන්ම මේ මොහොත වන විටද එම සංගමයේ ඇතැම් වෛද්‍යවරුන් විසින් Astra Zeneca එන්නත් තම හිතවතුන්ට ලබා දෙන බවද ඔහු සඳහන් කළා.

කොරෝනා මරණ සංඛ්‍යාව පිළිබඳ තොරතුරු සම්බන්ධයෙන් මතුව ඈති ව්‍යාකුල භාවය පිළිබඳ අප විමසු අවස්ථාවේ ඊට ප්‍රතිචාර දැක්වූ මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ මරණ පිළිබඳ තීරණය සහ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයක් බලපා ඇති බවයි.

ඔහු මේ කරුණු අනාවරණය කලේ Mee Massoo TV සමග විශේෂ කතාබහකට එක් වෙමින්.

💉කොරෝනා ආසදිතයින්ගේ සියලු දෙනාගේ මරණ රටට වාර්තා නොවන හේතුව මෙන්න.

💉සියල්ල PCR පරීක්ෂණ මත තීරණය වන පසු බිමක PCR 10 000 අඩුකිරීමෙන් වෙන දේ.

💉පළමු එන්නත් මාත්‍රාවේ සිට GMOA එන්නත් වංචා කළ හැටි.

💉සෞඛ්‍ය ඇමතිවරියට උඩින් සෞඛ්‍ය ගැන තීරණය කරන කණ්ඩායමක්.

About The Author