පිළියන්දල සෞඛ්‍ය නිලධාරී බල ප්‍රදේශයේ ගොරකපිටිය, නාම්පමුණුව, පැලැන්වත්ත බටහිර, සහ ඇරැව්වල උතුර ග්‍රාම නිලධාරී වසම්වල කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරනවා.
පිළියන්දල සෞඛ්‍ය නිලධාරී බලප්‍රදේශයේ පසුගියදා සිදුකළ PCR පරීක්ෂණ 610ක් අතුරින් රෝගීන් 122ක් හඳුනාගැනුණු අතර ඔවුන් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව පිළීයන්දල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල සඳහන් කළා.
ඔහු පැවසුවේ එකම පවුල්වල සාමාජිකයින් තුළ වෛරසය පැතිරීම වැඩිවී ඇති බවයි.
එමෙන්ම ප්‍රදේශයේ 450කට අධික පිරිසක් නිවෙස්වල නිරෝධායනයට යොමුකර ඇති බව ද වාර්තවනවා.
කෙසේ නමුත් මේ වන විටත් පිළියන්දල ප්‍රදේශයේ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමක් හෝ හුදකලා කිරීම් කිසිවක් සිදුව නැහැ.
පිළියන්දල නගරයේ කඩ සාප්පු පවා සාමාන්‍ය පරිදි විවෘතව තබා ඇති අයුරුද දක්නට ලැබෙනවා.


අත නොහැර කියවන තැන
මෙන්න සහන…
මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා කැඳවීමට දිනයක්
තවත් අලි අනතුරක්