ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරය සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණය මගින් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තාවනවා.
එම නියෝගය මගින් එම පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ රාජා කොල්ලුරේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීම වාරණය කර තිබීම විශේෂත්වයක්.
දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ රාජා කොල්ලුරේ මහතා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරයෙන් පසුගිය 24 වනදා ඉවත් කිරීම සඳහා එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් කොල්ලුරේ මහතා ඉදිරිපත් කළ පෙත්සම සළකා බැලීමෙන් අනතුරුවයි.
වයඹ පළාත් ආණ්ඩුකාරවර ධුරය හොබවන කොල්ලුරේ මහතා පාසල් ආරම්භ කිරීමෙන් පසු වර්ජනයේ නිරත වන වයඹ පළාත් ගුරු – විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් මස වැටුප අත්හිටුවන බවට සිදු කළ ප්‍රකාශයෙන් පසු ඔහු පක්ෂ සභාපති ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබුණා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි