නීති විද්‍යාලයේ විභාගකදී පිළිතුරු සටහන් තොගයක් ළඟ තබාගෙන පිළිතුරු ලියූ බව පැවසෙන දකුණු පළාතේ, මාතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවසේ.
නීති විද්‍යාල විසින් අදාළ විභාගය පවත්වනු ලබන්නේ දැඩි විභාග කොන්දේසි යටතේය.
විභාගය ලියන අතරතුර ඔහු කොපි කරන අයුරු දැක ඇති විභාග පරීක්ෂිකාවක මේ ගැන පරීක්ෂා කොට ඔහු කොපි කර ඇති බව තහවුරු කරගෙන ශාලාධිපතිට පැමිණි කොට තිබේ.
උත්තර සහිත කොළ කිහිපයක් ඔහු සන්තකයේ තිබි සොයා ගෙන ඇත.
මෙලෙස චෝදනාවට ලක්ව ඇති නමුත් ඔහුගේ මෙම සිද්ධිය වසන් කිරීමට විපක්ෂ දේශපාලන ඉහළ අධිකාරිය ද මැදිහත්ව තිබෙන බව නීති විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට