පුරාණ ඊජිප්තුවේ සිට ම, ස්නායු පද්ධතියේ අසාමාන්‍යතා, දන්ත ගැටළු, සමේ රෝග සහ ආසාදනවලට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍ය විද්‍යාවේ දී කූඩැල්ලන් භාවිත කර ඇත. අද, ඒවා වැඩි වශයෙන් ම භාවිතා කරනුයේ ප්ලාස්ටික් සැත්කම් සහ වෙනත් ක්ෂුද්‍ර ශල්‍යකර්ම සඳහා ය. එයට හේතුව නම් කූඩැල්ලන් රුධිර කැටි ගැසීම වැළැක්වීමට ක්‍රියා කරන “පෙප්ටයිඩ” හා “ප්‍රෝටීන” ශ්‍රාවය කිරීමයි. මෙම ශ්‍රාවයන් “ප්‍රතිදේහජනක” ලෙස ද හැඳින් වේ. වර්තමානයේ කූඩැල්ලන් ප්‍රතිකාරය වඩාත් ජනප්‍රිය වී තිබෙන්නේ එය සංකූලතා වැලැක්වීමේ සරල හා මිළෙන් අඩු ක්‍රමයක් නිසා ය.
ඖෂධීය කූඩැල්ලන්ට කුඩා දත් පේළි සහිත හකු තුනක් ඇත. ඔවුහු පුද්ගලයෙකුගේ සම දත්වලින් සිදුරු කරන අතර ඒ හරහා ප්‍රතිදේහජනක ඇතුළු කරති. ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයාගෙන් වරකට මිනිත්තු 20ත් 45ත් අතර කාලයක් රුධිරය ලබා ගැනීමට කූඩැල්ලාට ඉඩ දෙනු ලැබේ. මෙය මිලිලීටර් 15ක් දක්වා සාපේක්ෂ ව කුඩා රුධිර ප්‍රමාණයක් පමණි. ඖෂධීය කූඩැල්ලන් බොහෝ විට ගෙන්වන්නේ හංගේරියාවෙන් හෝ ස්වීඩනයෙනි.
කූඩලු ප්‍රතිකාරය භාවිත කළ හැකි අවස්ථා කිහිපයක් තිබේ. දියවැඩියා රෝගයේ අතුරු ආබාධ හේතුවෙන් අත් පා කපා දැමීමේ අවදානමක් ඇති අය, හෘද රෝගවලින් පෙළෙන අය සහ රූපලාවණ්‍ය සැත්කම්වලට භාජනය වන අය ඉන් සමහරකි. රූපලාවණ්‍ය සැත්කම්වලට භාජනය වන්නන්ගෙන් ඇතැමෙකුට ඔවුන්ගේ සමෙහි මෘදු පටක සමහරක් නැතිවීමේ අවදානමක් ඇත. රුධිර කැටි ගැසීම් සහ නහර ඉදිමුම්වලට ප්‍රතිකාර කිරීම සඳහා ද කූඩලු චිකිත්සාව නිර්දේශ කර ඇත. රක්තහීනතාවය, රුධිර කැටි ගැසීමේ තත්වයන් හෝ අසාමාන්‍ය ධමනි ඇති අය මෙම ප්‍රතිකාරය සඳහා යොමු කරනු නොලැබේ. වයස අවුරුදු 18 ට අඩු ළමයින් සහ ගර්භනී කාන්තාවන් ද සාමාන්‍යයෙන් එයට භාජනය නොකෙරෙන්නේ අනතුරුදායක බව සලකා ය.
කූඩැල්ලන් මඟින් සාමාන්‍යයෙන් කැළැලක් ඉතිරි නොවන සේ ආබාධය සුව කර ගත හැකි ය. එය විශාල වාසියක් කොට සැලකෙයි. කූඩැල්ලෝ රුධිර සංසරණය වැඩි කිරීමට සහ රුධිර කැටි ගැස්වීමට ඵලදායී ලෙස දායක වෙති. රුධිර සංසරණ ආබාධ සහ හෘද වාහිනී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට උන් භාවිත කිරීම පුදුමයක් නොවේ. කූඩැල්ලන්ගේ ලවණවල ඇති වැදගත්කම හේතුවෙන් උන්ගෙන් ලබාගත් රසායනික තරලයන් වෙනත් රෝගවලට ප්‍රතිකාර කළ හැකි ඖෂධ බවට ද පත් කොට තිබේ.
2. මුහුණේ කාබන් කොපි.
මුහුණේ මෙන් ම ශරීරයේ යම් යම් ස්ථාන සඳහා ද ප්ලාස්ටික් සැත්කම් සිදු කිරීම ආරම්භ වූයේ විසි වන සියවසේ දී පමණ ය. බොහෝ ප්ලාස්ටික් සැත්කම් සඳහා එක ම ක්‍රියා පටිපාටියක් අනුගමනය කෙරෙන අතර ගැටිති ආදී සුළු ප්‍රශ්න සඳහා විනාඩි දහයක් වැනි ඉතා කෙටි කාලයකින් සැත්කමක් කර ගැනීමේ හැකියාව පවතී. එහෙත් මුහුණේ එක් කොටසක් සඳහා නම් පැය දෙකේ සිට පහ දක්වා කාලයක් වැය වන බව පෙනේ.
ප්ලාස්ටික් සැත්කමක් සඳහා පැය විසි හතරකට වඩා ගත වන්නේ නම්, එය කෙතරම් පදාසයක් සඳහා සිදු කෙරෙන්නක් විය හැකි ද? ඔව්. ඒ, සම්පූර්ණ මුහුණ සඳහා ම ය. 2010 වසරේ දී ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් තිස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් එවැනි සම්පූර්ණ මුහුණු සැත්කමක් ඉතා සාර්ථක අන්දමින් සිදු කර ඇති බවට ආරංචි පළ වී තිබේ. මෙය බාසිලෝනාහි “වෝල් ඩී හෙබ්‍රොන්” රෝහලේ දී සිදු කරන ලද අතර මීට සහභාගි වී ඇත්තේ ක්ලීව්ලන්ඩ් ප්‍රදේශයේ කාන්තාවකි. ලොව කිසියම් රටක ප්ලාස්ටික් මුහුණක් සම්පූර්ණයෙන් සකස් කරන ලද පළමු අවස්ථාව මෙය විය. මෙවැනි ප්‍රතිකාරයක දී අදාළ සැත්කම සඳහා භාවිත කරනු ලබන පටක හා පේශි යනාදී සියල්ල නියත වශයෙන් ම පරිත්යාගියෙකුගෙන් ලබා ගත යුතු ය.
මිනිසෙකුගේ මුහුණේ යම් කොටසක් අලුතින් සකස් කිරීම එතරම් ගැටලු සහගත නොවනු ඇත. විශේෂයෙන් හමෙහි හට ගන්නා සුව කළ නොහැකි රෝග, පිළිස්සීම් කැළැල් ආදිය නොපෙනෙන ලෙස සකස් කර ගැනීමට එවැනි ප්ලාස්ටික් සැත්කම් ඉතා වැදගත් ය. එහෙත් සම්පූර්ණ මුහුණ ම වෙනස් කරන්නේ නම් දින කිහිපයකට පසු එළියට බසින්නේ රෝහලට ඇතුළු වූ පුද්ගලයා නොවේ. අපරාධ ලොවට නම් එය කෙතරම් සතුටුදායක ආරංචියක් වන්නට ඇත් ද? ප්‍රතිකාරයේ සුභදායීබව පමණක් සැලකිල්ලට ගත් විට, උපතින් ම මුහුණේ අවයවවල අඩුපාඩු, විරූපීතා ආදිය හේතුවෙන් ජීවිත කාලය පුරාවට ම දුක් විඳීමට නියමිත ව සිටියවුන්ට මෙය කෙතරම් සහනයක් වන්නේ ද?
ශ්‍රීනි ලංකා ජයකොඩි.
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්