දිගින් දිගටම ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකාර පක්ෂයවන පොදුජන පෙරමුණ නියෝජනය කරන පිරිස් විසින් සිදුකරන විවිධ ප්‍රකාශයන් හමුවේ සිදුව ඇති ගැහැට හේතුවෙන් ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් සෙසු පාර්ශවකාර පක්ෂ අතර මේ වන විට සංවාදයක් නිර්මාණය වී තිබෙනවා.
අදාළ පක්ෂ නායකයන්ද පසුගිය දින කිහිපයේම මේ සම්බන්ධයෙන් රහසිගත සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බව වාර්තා වන අතර විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු මැති ඇමතිවරුන් රැසක්ම මෙලෙස දැඩි කලකිරීමකින් යුක්තව කටයුතු කරන බව සඳහන්.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් බතික් කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ ආණ්ඩුව අතර ඇතිව තිබෙන විරසකය හේතුවෙන් නිදහස් පක්ෂය තුළද ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්ධ දැඩි කතා බහක් නිර්මාය වී තිබෙනවා.
දයාසිරි ජයසේකර අමාත්‍යවරයාට අමතරව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද පසුගිය දිනවල පොදුජන පෙරමුණ පාර්ශවයෙන් දිගින් දිගටම විවිධ හිරිහැර සිදු වූ බවයි වාර්තා වන්නේ.
බැසිල් රාජපක්ෂ මහතාගේ නව දේශපාලන ආගමනය ද ආණ්ඩුවම බරපතළ දේශපාලන අර්බුදයක් නිර්මාණය කිරීමට හේතු විය හැකි බවට මේ වන විට කරුණු අනාවරණ වෙමින් පවතිනවා.
ඒ පසුගිය රාජපක්ෂ පාලන සමයේදී බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන භාවිතය සම්බන්ධයෙන් දැඩි විරෝධයක පසුවන දැනට රජය නියෝජනය කරන ප්‍රධාන අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ හේතුවෙන්.
ඔවුන් ප්‍රසිද්ධියේම බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන ආගමනය සම්බන්ධයෙන් විවේචනයන් සිදුකර ඇති බව ද වාර්තාවනවා.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) එම පක්ෂ මූලස්ථානයේ දී රැස් වී තිබෙන්නේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.
පවතින දේශපාලන තත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ආණ්ඩුව සමග කටයුතු කළ යුතුද නැද්ද යන්න පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වී ඇති අතර මධ්‍යම කාරක සභා සාමාජිකයන් පිරිසක් පෙන්වා දී ඇත්තේ වහා ආණ්ඩුව ඉවත් විය යුතු බවයි.
දිනෙන් දින ජනතාව අතර පිරිහෙන ආණ්ඩුව තුළ සිටීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කීර්තිනාමය බරපතල ලෙස විනාශ වනු ඇති බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත් තවත් පිරිසක් පවසා ඇත්තේ මේ අවස්ථාවේදී ආණ්ඩුවෙන් ඉවත් නොවිය යුතු බවයි.
කුමාර වෙල්ගම මහතා වෙනම දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇති අතර කුමන තත්ත්වයක් යටතේ වුව ද ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් ලෙස ජනතාව අතරට ගෙන යාම පිළිබඳ අවධානය යොමු වී තිබෙනවා.
ඒ සඳහා සියලු දෙනා ඒක රාශි වෙමින් කටයුතු කළ යුතු බවට යෝජනා වී ඇති අතර නිදහස් පක්ෂයට එරෙහිව යමෙකු ආණ්ඩුවේ සිට කාටයුතු කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිචාර ගැනීම පිළිබඳව මෙහිදී කරුණු සාකච්ඡාවට බඳුන් වී ඇති බවයි වාර්තා වන්නේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට