Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කිරිසප්පයින්ට අහිතකර සබන් විකුණූ සමාගම වරද පිළිගනී – ජනතාවට ප්‍රවේශම් වන්නැයි දැනුම් දීමක්

ළදරුවාගේ වර්ධනය සඳහා මවකගේ ස්පර්ශය අත්‍යවශ්‍යම දෙයක්. වාණිජ අරමුණු වලින් බැහැරව කතාකළොත් අද දවසේ දරුවෙක් වෙනුවෙන් මවකට තමන්ගේ ස්ඵර්ශය හා සමානව වැදගත් වෙන දෙයක් තමයි ළදරු සබන්.

එමනිසා මවකගේ ස්පර්ශයට පමණක් දෙවැනි වන මෘදු සහ ආරක්ෂිත ආකාරයෙන් වෙළඳපොළේ ඇති සබන් වර්ග නිෂ්පාදනය කර ඇතැයි මව්වරු අපේක්ෂා කරනවා. විශේෂයෙන් රටේ තමන්ගේ නම ප්‍රචලිත කරගත්ත විශාල සමාගම්, දරුවන් වෙනුවෙන් මව්වරු අපේක්ෂා කරන ආරක්ෂාව සහතික කරන ප්‍රමිතිය ආරක්ෂා කරමින් තමන්ගේ සබන් වර්ග නිෂ්පාදනය කරනු ඇතැයි මව්වරු නිරන්තරයෙන් බලාපොරොත්තු වෙනවා.

ඒත් අවාසනාවකට සෑම විටම එහෙම වෙන්නේ නැහැ. සමහර අවස්ථාවල පාරිභෝගිකයන්ට හුරුපුරුදු ඇතැම් නම් ඇති සමාගම් පවා නිසි ප්‍රමිතිය ආරක්ෂා කර නොගනිමින් ළදරු සබන් වෙළඳපොළට නිකුත් කරන බව වාර්තා වන්නේ, ඔවුන්ගේ නිෂ්පාදන එතෙක් කලක් මිලදී ගත් මව්වරු බියට සහ කෝපයට පත්කරමින්.

එවැනි සිදුවීමක් මෑතකදී වාර්තා වුණා.

ඒ තමයි මෑතක සිට වෙළඳපොළට ළදරු සබන් නිෂ්පාදන නිකුත් කරන්න පටන් ගත්තු ප්‍රසිද්ධ සමාගමක් තමන්ගේ නිෂ්පාදන වල ප්‍රමිතිය ආරක්ෂා කරලා නෑ කියන කාරණය.

පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබුණු පැමිණිලි අනුව කරන ලද විමර්ශනයකින් තමයි මේ බව හෙළිවෙලා තිබුණේ.

පහුගිය මැයි මාසයේ පාරිභෝගික කටයුතු අධිකාරිය මේ පැමිණිලි අනුව කොළඹ පිටකොටුව ආශ්‍රිතව සිදුකරපු විමර්ශනයකින් තමයි මේ අනාවරණය සිදුකරගෙන තිබුණේ.

මේ සමාගම බොහොම ආකර්ෂණීය හැඩවලින් වෙළඳපොළට තමන්ගේ ළදරු සබන් නිෂ්පාදන නිකුත් කරලා තිබුණා.

හැබැයි ඒ ලස්සන හැඩ තියෙන ළදරු සබන්වල නියමිත ප්‍රමිතිය තිබිලා නැහැ. පාරිභෝගික කටයුතු අධිකාරිය ඒ බව උසාවියේදී ඔප්පු කරලා තියෙනවා.

ඒ කියන්නේ මේ සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරිය නඩු පැවරුවා.

කොළඹ මාළිගාකන්ද මහේස්ත්‍රාත් උසාවියේ විභාග වෙච්ච මේ නඩුවේදී, අන්තිමේ මේ ප්‍රසිද්ධ සමාගම පිළිඅරගෙන තියෙනවා තමන් නියමිත ප්‍රමිතියට ළදරු සබන් නිෂ්පාදනය කරලා නැහැ කියන කාරණය.

මේ නඩුව පවරලා තිබුණේ කාර්මික තාක්ෂණ ආයතනය මඟින් ලබාදුන් වාර්තාවක් පදනම් කරගෙන.

මේ නඩුවට අදාළ ළදරු සබන් කාණ්ඩයේ TFM අගය 78%ක් ලෙස තිබිය යුතු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් SLS 547 :2009 Specification for Baby Soap යටතේ අදාළ ප්‍රමිතීන් සහතික කර තිබුණත්, පරික්ෂාවට ලක්කෙරුණු ළදරු සබන් නිෂ්පාදනවල ඒ අගය තිබිලා නැහැ. ඒ ප්‍රමිතිය සටහන් කරලා තිබිල තියෙන්නේ සබන් පෙට්ටියේ, ඒ කියන්නේ ඇසුරුමේ විතරයි.

මේ තොරතුරු උසාවියේ හෙළිවීමත් සමග සමාගම අවසානයේ තමන්ගේ වරද පිළිඅරගෙන තියෙනවා.

ඒ අනුව මේ ප්‍රමිතියක් නැති සියලුම ළදරු සබන් කැට අලෙවිය නතර කරන ලෙසත්, දැනටමත් වෙළෙඳසැල්වලට බෙදාහැර තියෙන සබන් තොග සියල්ල යළි කැඳවන ලෙසත්උසාවිය සමාගමට නියෝග කර තිබෙනවා.

මේ නඩු තීන්දුවෙන් පස්සේ පාරිභෝගික කටයුතු අධිකාරිය පුවත්පත්වල නිවේදනයක් පළකළා මේ ප්‍රමිතියෙන් බාල ළදරු සබන් සිදුවීම ගැන.

ඒ නිවේදනයෙන් කියල තිබුණේ මේ සමාගමේ ළදරු සබන් මිලදී ගැනීමේදී ප්‍රවේශම් වෙන්න කියලයි.

About The Author