ආනයනික කිරිපිටි මිල රුපියල් 100 කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනික සමාගමක් පියවර ගෙන තිබේ.
මෙම මිල ඉහළ දැමීමත් සමඟ ග්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1,240ක් දක්වා ඉහළ දමා ඇති බවත් මිල ඉහළ දැමූ කිරිපිටි පැකට් මේ වන විටත් වෙලෙඳපොලේ ඇති බවත් කිරිපිටි සමාගමක උසස් නිලධාරියෙක් පැවසීය.
කිරිපිටි ආනයනික සමාගම් රැසක පසුගිය මාසයක පමණ කාලය තුළ තොග නොතිබුණු බවත් එම කාලය තුළ තොග පැවැති සමාගම් මෙම ඉහළ දැමීම ක්‍රියාත්මක කළ බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
දේශීය කිරිපිටි නිෂ්පාදකයන් ද මීට සති දෙකකට පමණ පෙර ග්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 125 කින් ඉහළ දැමූ අතර එම කිරිපිටි පැකට්ටුවක වර්තමාන මිල රුපියල් 1,150 කි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට