Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කාන්තාවන් දුෂණය කර සාද දැමු බව කියන, බාලවයස්කාරියක් දුෂණය කර හිරේ ගිය අකුරැස්සේ හිටපු සභාපති සාරුවා සුනිල් ඇප ඉල්ලයි

නීතිපතිට නොතිසි නිකුත් කෙරේ – දැරිය ඔහු අතින් දුෂණය නොවූ බව මහාධිකරණයට කියලා

බාලවයස්කාර දැරියක් දූෂණය කරන ලදැයි චෝදනාවට කොළඹ මහාධිකරණයෙන් බරපතළ වැඩසහිත වසර 15ක සිරදඩුවම් ලැබ සිටින අකුරැස්ස ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතා ඇපමත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ජූලි 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නීතිපතිවරයාට දන්වා අභියාචනාධිකරණය විසින් ඊයේ (22) නොතීසි නිකුත් කර තිබෙනවා.

මෙම පෙත්සම සලකා බැලූ මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙළ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙලෙස නොතීසි නිකුත් කර ඇති බවයි වාර්තාවන්නේ.

පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පෙත්සම්කාර චූදිත අතින් තමා දූෂණය නොවූ බවට අදාළ දැරිය විසින් මහාධිකරණ නඩු විභාගයේ දී ප්‍රකාශ කර ඇති බවයි.

තම සේවාදායකයාට එරෙහිව නීතිපතිවරයා චෝදනා ඔප්පු කිරීම සඳහා වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කළත් එම වීඩියෝ සාක්ෂි තහවුරු කෙරෙන ස්වාධීන සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇතැයිද ජනාධිපති නීතිඥ ජයමාන්න මහතා අභියාචනාධිකරණය ට දන්වා තිබෙනවා.

ඒ අනුව විත්තිකරු වරදකරු කිරීමට මහධිකරණය ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් , මේ හේතුවෙන් අදාළ සිර දඩුවමට එරෙහිව තම සේවාදායකයා ගොනු කළ අභියාචනා පෙත්සම් විභාගය අවසන් වන තුරු ඔහුව ඇප මත මුදා හරින ලෙසත් ජනාධිපති නීතිඥ ජයමාන්න මහතා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාග කිරීමට අවසර දෙමින් එහි වග උත්තරකරු ලෙස නම් කර සිටි නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතාට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 15ක සිර දඬුවම් හා දඩ මුදල් නියම කරනු ලැබුවා.

About The Author