Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කල්යාණි රන් පිවිසුම ජනපති – අගමැති අතින් මෙරට මාර්ග පද්ධතියට එක් කෙරේ

මහා මාර්ග පද්ධතියේ නවමු සන්ධිස්ථානයක් සනිටුහන් කෙරේ : මෙරට දැනට ඉදිව ඇති අලංකාරම පාලම ලෙස වාර්තා පොතට

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැළණි පාලම අද සන්ධ්‍යාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ සුරතින් ජනතා අයිතියට පත්කෙරුණා.

පැරණි කැලණි පාළමට යාබදව මංතීරු 06 කින් යුත් නව පාලම කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඇරඹෙන තැන සිට පෑලියගොඩ පාලම් මංසන්ධිය කේන්ද්‍ර කර ගනිමින් ඔරුගොඩවත්ත මංසන්ධියෙන් සහ වරාය පිවිසුම් මංසන්ධියෙන් අවසන් වනවා.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරූ 6ක් වන මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරූ 4ක් වන ආකාරයෙන් නිර්මාණය වන බවයි මහාමාර්ග අමාත්‍යංශය පවසන්නේ.

කැළණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර් 380ක්.

අදියර දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලබන අතර පළමු අදියර වන වානේ නිමැවුම් පාලම් කොටස සදහා රුපියල් මිලියන 31,539ක් වැය කර ඇති අතර දෙවන පැකේජය වන කොන්ක්‍රිට් එල්ලෙන පාලම් කොටස සදහා රුපියල් මිලියන 9,896ක් වැය කර ඇත.ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (JICA) මූල්‍යදායකත්වය මත මෙම පාලම ඉදිකර තිබේ.

ජනාකීර්ණ පරිසරය හරහා ඉදිවන නව කැළණි පාලම් ව්‍යාපෘතියේ කැළණි තිස්ස වටරවුම ආශ්‍රිත භූමිය සහ නව කැළණි පාලමේ කෙලවරේ සිට ඔරුගොඩවත්ත මංසදිය දක්වා මාර්ගය දෙපසත් අලංකාර කිරිම සදහා ජාතික උද්භිත උද්‍යාන නිලධාරීන් විසින් නිර්දේශ කරන ලද කොබෝ නීල, ඇහැල, මැයි මාර, රොබරෝසියා, කහ මාර, රත්මල්, මී, කුඹුක්, නා, අරලිය, මගුල් කරද, නුග සහ මුරුත යනාදී ශාක ප්‍රභේද පමණක් රෝපණය කර ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා.

මෙසේ රෝපණය කරන ශාක වෙත නොකඩවා ජලය සැපයීම සදහා භුගත ස්වයංක්‍රීය ජල නල පද්ධතියක් ද ක්‍රියාත්මක කර තිබීම විශේෂත්වයක්.

About The Author