ආණ්ඩුව ඇතුලේ කසු කුසුව වැඩිවෙයි
මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් මෙන්ම පොදුජන පෙරමුණ හරහා ඔහුට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ද සමුදෙන බව මේ වන විටත් නිල වශයෙන් දැනුම් දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එලෙස ඉල්ලා අස්වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධුරය සඳහා පත් කිරීමට නියමිතව ඇති බවද වාර්තා වනවා.
මහ බැංකුවේ දැනට අධිපති ධුරය දරන මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා විශ්‍රාම යාමට නියමිතව අතර ඇති අතර ඔහුගේ නම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි තනතුරක් සඳහා නිර්දේශ වී තිබෙනවා.
ඒ අනුව පුරප්පාඩු වන මහ බැංකු අධිපති ධුරය තමා වෙත ලබා දෙන්නැයි අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා ඇති අතර ඒ සඳහා කැබිනට් අමාත්‍ය බලතල ලබාදෙන ලෙසද දැනුම් දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
සිංගප්පූරුව සහ චීනය වැනි රටවල මහ බැංකු අධිපතිවරුන්ට මෙවැනි බලතල ලබාදී ඇති බවත් ශ්‍රී ලංකාවේ මහබැංකු අධිපතිවරයාට එවැනි බලතල ලබා දීමේ වරදක් නොමැති බවටත් මේ වන විට කතිකාවක් නිර්මාණය කර තිබෙනවා.
එමෙන්ම පසුගියදා අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් හිටපු මහ බැංකු අධිපතිවරුන් සඳහා විශ්‍රාම වැටුපක් ලබා ගැනීමේ යෝජනාවක් ද සම්මත කරගෙන ඇති බවට ද කරුණු හෙළි වුණා.
කබ්රාල්ගෙන් මන්ත්‍රී පුටුවට ?
අජිත් නිවාඩ් කබ්රාල් මහතා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමෙන් පසු ඒ සඳහා පත් කරන්නේ කවුද යන්න පිළිබඳව කතාබහක් ඇති වී තිබෙනවා.
සමාජ මාධ්‍ය ජාල හරහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා අදාල මන්ත්‍රී ධුරයට පත් කරනු ඇති බවට කතාබහක් නිර්මාණය වී ඇති අතර පොදුජන පෙරමුණේ පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ මන්ත්‍රී ධුරය සඳහා ජයන්ත කැටගොඩ මහතා පත් කරනු ඇති බවයි.
කැටගොඩ මහතා බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දීම වෙනුවෙන් තමන් දැරූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණා.
කෙසේ වෙතත් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා පත් කරන පුද්ගලයා කවුද යන්න පිළිබඳ මෙතෙක් නිලවශයෙන් තීරණයක් ගෙන නැති බවයි වාර්තා වන්නේ.


අත නොහැර කියවන තැන
ආණ්ඩුවට එරෙහිව 21 වෙනිදා නුගේගොඩ වෙන්න යන දේ?
අර්බුධය ඉවර කරමින් මෙරටට හාල් තොගයක්…..
නිධන් සෙවු පිරිසක් අත්අඩංගුවට