රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටින්නේ කනත්ත ළඟින් යන විට බිය පහ කර ගැනීම සඳහා සින්දු කියන මිනිහෙක් වගේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කර ඇති බව වාර්තාවනවා.
පවතින තත්වය හමුවේ ඔහු බියට පත්ව ඇති බවත් එලෙස බියට පත්වී ඔහු සිදුකරන ප්‍රකාශයන් කවුරුන් ගණන් ගත්තද තම පක්ෂය ඒවා තඹ සතයකට හෝ මායිම් නොකරන බවත් ටිල්වින් සිල්වා මහතා සඳහන් කර තිබෙනවා.
මහජන විරෝධතා පාලනය කිරීම සඳහා සහ මර්දනය කිරීම සඳහා අදාලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරන ලද ප්රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කර තිබෙන්නේ පසුගිය කාලයේ ඇතිවූ ජනතා අරගලයට රනිල් වික්රමසිංහද වෛර කරන බවයි.
එයට හේතුව සමාජය තුලින් රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කරන සමාජ ක්‍රමයට එල්ල වූ අභියෝගය බව පෙන්වා දෙන ටිල්වින් සිල්වා එම අරගලය කවර බාධක මධ්‍යයේ වුවද ඉදිරියටත් සිදු කරන බව ද පවසා තිබෙනවා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි