රෝගීන් සියයක් වත් දාරගන්න බැරි පද්ධතියකට එක දිනකදී රෝගීන් දහසේ සීමාව ඉක්මවා පැමිණීම කිසිසේත් දරාගත නොහැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වඩා රෝග ව්‍යාප්තිය පාලනය සඳහා පියවර ගැනීම අත්‍යවශ්‍යව ඇති බවයි.
ඉන්දියාවෙන්වත් අපි තාම පාඩම් ඉගෙනගෙන නෑ.
ඉතා බරපතළ ව්‍යසනයකට මුහුණ දී ඇති ඉන්දියාවෙන් පවා අප මෙතෙක් අවශ්‍ය පාඩම් ඉගෙන ගැනීමට අසමත් ව ඇති බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරන්නේ එම පාඩම් වේගයෙන් අවබෝධ කර නොගතහොත් ඉන්දියාව මුහුණ දෙන අභාග්‍ය සම්පන්න තත්වයට වඩා බිහිසුණු තත්වයකට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන බවයි.
ඔක්සිජන් තිබ්බට වැඩක් නෑ බෙදාහරින්න සිලින්ඩර නැත්නම්
මේ වන තෙක් කිසිදු නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා ඇති එකම විසදුම රෝගීන්ට ජීවත්වීම සඳහා ඔක්සිජන් ලබා දෙමින් ප්‍රතිකාර කිරීම බව පේන්වා දෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරන්නේ ඔක්සිජන් වායුව නිපදවුවද ඒවා බෙදා හැරීමට සහ රඳවා ගැනීමට අවශ්‍ය සිලින්ඩර් මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ නොමැති බවයි.
මේ හේතුවෙන් බරපතළ අර්බුදයක් ඇතිව තිබෙන බවද ඔවුන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා.
එම මාධ්‍ය නිවේදනය පහළින්..
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට