Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එස්.බී ගෙන් රාජ්‍ය පාලනය සහ විරෝධතා මර්ධනය ගැන අගනා උපදෙස් බිඳක්

තර්ජනය මර්දනය නැතිනම් වෙනත් ඕනෑම ක්‍රමයකින් විරෝධතා නතර කළ යුතු බව කියයි

ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ් වගේ වෙන හැටිත් කියා දෙයි

ගුරු විදුහල්පති විරෝධතාව සම්බන්ධයෙන් අදහස් පල කරමින් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසන්නේ එම විරෝධතාවන් නතර කිරීම සඳහා රජය කටයුතු කළ යුතු බවයි.

අවශ්‍ය නම් ඒ සඳහා මර්ධනය ක්‍රියාත්මක කළ යුතු බව ද පවසන මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ එසේ නොමැතිව රටකට ඉදිරියට යා නොහැකි බවයි.

රජයේ තීරණ වලට විරුද්ධව කටයුතු කරන්න මර්දනය කිරීමට අපොහොසත් වූවා නම් සිංගප්පූරුව, චීනය වැනි රටවල් අද පවත්නා දියුණුව අත්පත් කර නොගන්නා බව ද ඔහු සඳහන් කරනවා.

එබැවින් යම් තීරණයක් නිවැරදි නම් ලී ක්වාන් යූ ගත් අයුරින් සෘජුව එම තීරණ ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම පාලකයන්ගේ වගකීම බවද දිසානායක මහතා සඳහන් කරනවා.

එහිදී මර්දනය තර්ජනය හෝ ඕනෑම ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ හැකි බවද ඔහු පවසනවා.

ඒ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

About The Author