Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එල්ල වූ විරෝධය හමුවේ ආණ්ඩුව ගත් තීරණය ආණ්ඩුව විසින්ම අකුලා ගත් බව කියයි

සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම රටේ වත්මන් තත්ත්වය සැළකිල්ලට ගනිමින් අත්හිටුවීමට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) දින රැස්වූ කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

අමාත්‍ය මණ්ඩල හමුව අද දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණයෙන් රැස්වූ අවස්ථාවේ අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

වර්තමානයේ රටේ පවතින තත්ත්වය සහ මූල්‍ය ස්ථාවරය පිළිබඳ අවධානය යොමු ක‍රමින් වාහන ගෙන්වීම තවදුරටත් සීමා කළ යුතුව ඇතැයි කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරුන් එම රැස්වීමේදී පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම සඳහා මෙයට පෙර පැවති යෝජනාව කැබිනට් මණ්ඩලයේ තීරණය අනුව අත්හිටුවා තිබෙනවා.

හෙසේ වෙතත් අදාල සුපිරි වාහන ගෙන්වීමට අදාළ ණයවර ලිපි පවා විවෘත කර තිබු අතර අදාළ තොරතුරු මාධ්‍ය හරහා අනාවරණය වීමත් සමග සමාජයෙන් දැඩි විරෝධයක් එල්ල වුයේ ආණ්ඩුව විසින් ගනු ලැබූ තීරණ, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ සුඛවිහරණය සඳහා ආණ්ඩුව විසින්ම උල්ලංඝනය කිරීම අශෝබන බව දක්වමින්.

About The Author