සෞඛ්‍ය අංශ වල දැඩි විරෝධය
ඉන්දීය සංචාරකයන් මෙම සතියේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර දීමට රජය තීරණය කර තිබෙනවා.
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ සහභාගි වූ සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන ඇති බවයි.
මෙසේ පැමිණෙන ඉන්දීය සංචාරකයන් ඉහළ පෙළේ හෝටල්වල නවාතැන් ලබා දීමටද අවසරය ලබා දී තිබීමද විශේෂත්වයක්.
එමෙන්ම ඔවුන්ට දිවයින පුරා ඇති සංචාරක ස්ථානවල නිදහසේ සංචාරය කිරීමටද ඉඩ කඩ සලසා දෙන ලෙසද උපදෙස් ලැබී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝග ව්‍යාප්තිය සඳහා ඉන්දීය සංචාරකයන් හේතු වූ බව සහ ඉන්දියාවේ වේගයෙන් ඩෙල්ටා ප්‍රභේදය පැතිර යන අවස්ථාවේ ඉන්දියානුවන් ශ්‍රී ලංකාව තුළ නිරෝධායනය සඳහා යොමු කිරීම පිළිබඳව ද දැඩි කතා බහක් සමාජයේ නිර්මාණය වී තිබෙනවා.
මේ අතර එන්නත් වලට පවා ඔරොත්තු නොදෙන එප්සිලෝන් සහ ලැම්ඩා නම් වෛරස ප්‍රභේද පාකිස්ථානය හරහා ඉන්දියාවටද ඇතුළු වී ඇති බව මේ වන විට වාර්තා වී තිබෙනවා.
එවන් වටපිටාවක් තුළ ඉන්දීය සංචාරකයින් මෙරටට ගෙන්වීම බරපතල සෞඛ්‍ය අවධානමක් වනු ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෛද්‍ය කාර්මික වෘත්තීය විශේෂඥයන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ මෙවන් අවස්ථාවක මෙවන් අවධානමක් ගැනීම භයානක බවයි.
ආණ්ඩුවේ හිතවතුන් කිහිප දෙනෙකුට ලාභ ඉපයීමේ අරමුණින් සංචාරකයින් මෙරටට රැගෙන ආවද ඒ හරහා විකෘති කොරෝනා ප්‍රභේද ලංකාවට පැමිණියහොත් සිදුවන බරපතල සෞඛ්‍ය අවධානම වැඩි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මෙතෙක් ගෙන ආ සංචාරකයින්ගෙන් උපයා ගත ලාබය සහ ප්‍රතිලාභ ලබාගත් පුද්ගලයින් පිළිබඳ රජය කරුණු හෙළි නොකරන්නනේ මන්දැයි රවී කුමුදේශ් මහතා මෙහිදී ප්‍රශ්න කළා.
මීට පෙර ශ්‍රී ලංකාවට ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය සහ ඇල්ෆා ප්‍රභේදය පැමිණියේ ඉන්දීය සහ යුක්‍රේන සංචාරකයන්ගෙන් බවට තමන් දැඩිව විශ්වාස කරන බව පෙන්වා දුන් කුමුදේශ් මහතා පැවසුවේ එය එසේ නොවන බව තහවුරු කිරීමට රජයට මෙතෙක් හැකි වී නොමැති බවයි.
සංචාරක ව්‍යාපාරය හරහා මේ දිනවල ලද ලාභය සහ කොරෝනා හේතුවෙන් සමස්ථ රටවැසියන් මුහුණ දෙන අභාග්‍ය සම්පන්න ඉරණම සලකා බැලීම වඩා වැදගත් බවයි ඔහු පවසන්නේ.
ශ්‍රී ලංකාව තුළ මේ ආකාරයෙන් කටයුතු කිරීමට සංයමයක් නොමැති බව පැහැදිලිවන බව සඳහන් කළ රවී කුමුදේශ් මහතා පැවසුවේ නීති පවා වෙනස් කරමින් සංචාරකයින් මෙරටට ගෙන්වීම එයට කදිම නිදසුනක් බවයි.
එමෙන්ම විදෙස් සංචාරකයින් මෙරටට පැමිණීමේදී ඔවුන් සම්බන්ධයෙන් සිදු කරන PCR පරීක්ෂණ වල විනිවිද භාවය සම්බන්ධයෙන් බරපතල සැකයක් පවතින බවද කුමුදේශ් මහතා සඳහන් කළා.
අදාළ සංචාරකයින් සම්බන්ධයෙන් PCR පවත්වන ලද පුද්ගලික රසායනාගාරයේ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින් චීන රජය ප්‍රතිචාර දැක්වූ බවයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට