Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එජාපයෙන් බලයට පැමිණ සජබයට සහය දුන් පුංචි මන්ත්‍රීවරුන්ගේ තනතුරු ගලවයි – තීන්දුව මෙන්න

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී බලයට පැමිණ මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සමගි ජනබලවේගය පක්ෂයට සහය පල කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් විනය පරීක්ෂණ සිදු කිරීම සහ ඔවුන් අදාල මන්ත්‍රී ධුර වලින් නෙරපා හැරීම අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබු නඩුවෙහි තීන්දුව අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කලේ එහිදී අධිකරණය විසින් එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂයට එරෙහිව වෙනත් පක්ෂයකට සම්බන්ධ වී කටයුතු කළ අදාල පිරිස සම්බන්ධයෙන් ක්‍රියා කිරීම නිවැරදි බව තහවුරු කළ බවයි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සමගි ජනබලවේගය පක්ෂයට සහය දුන් පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රීවරුන් එම තනතුරුවලින් ඉවත් කොට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මීළඟ සුදුස්සන් එම තනතුරුවලාට පත් කිරිමාට වහා පියවර ගන්නා බවද පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළා.

මීට අමතරව සමගි ජනබලවේගයේ බහුතර පිරිසකගේ සහයද ලබා ගනිමින් ඉදිරියේදී සිදු කරන විශේෂ කටයුත්තක් පිළිබඳවද එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අනාවරණය කළා.

About The Author