Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එජාපයට 75ක් – සැමරීමට අලුත් වැඩක්

පාක්ෂිකයන් අන්තර්ජාලය හරහා රැස්කරයි

එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ පස් වන සංවත්සරය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට එම පක්ෂයේ තීරණය කර තිබෙනවා.

මෙරට දේශපාලන ආර්ථික සහ සමාජ සංස්කෘතික කාරණා පිළිබඳව මෙන්ම ලෝක දේශපාලනය ප්‍රවණතා පිළිබඳව පක්ෂ පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද මීට සමගාමීව ආරම්භ කර තිබෙනවා.

එය නම් කර තිබෙන්නේ “මහජන සභාව” නමින්.

පවතින තත්වය හේතුවෙන් මෙම වැඩසටහන සතිපතා අන්තර්ජාලය ඔස්සේ Zoom ජංගම යෙදවුම හරහා සිදු කෙරෙනවා.

පක්ෂ සංවත්සර සැමරුම සැප්තැම්බර් 05 වනදා

මෙරට පැරණිතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය සැප්තැම්බර් 06 වන දාට යෙදෙන සිය 75 වන සංවත්සර සැමරුම එළඹෙන 05 වන ඉරුදින සැමරීමට සැලසුම් කර තිබෙනවා.

” ජ්‍යේෂ්ඨ ඉතිහාසයක් – ශ්‍රේෂ්ඨ අනාගතයක් “ යන්න මෙහෙවරෙහි තේමාවයි.

පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ සංවත්සර සැමරුම සිදු කිරීම සඳහා කටයුතු සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අදාල සැමරුම් උත්සවය අන්තර්ජාලය හරහා සජීවීව විකාශය කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සැප්තැම්බර් මස 05 වැනිදා සවස 05.00 සිට 06.00 දක්වා කාලය තුළයි.

About The Author