එජාපය හමුවේ සජබයට පරාජයක්
එක්සත් ජාතික පක්ෂයෙන් තරගකර හෝ පක්ෂයට හිමිවූ ප්‍රසාද මන්ත්‍රීධුර ලැයිස්තු හරහා තේරීපත්ව සමගි ජන බලවේගය පක්ෂයට සහාය ලබාදුන් පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් ගනු ලැබූ තීරණය නැවත වතාවක් තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ද තම ස්ථාවරය අද ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
එක්සත් ජාතික පක්ෂයට එරෙහිව කටයුතු කළ අදාළ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුරය අහෝසි කොට එම මන්ත්‍රීධුරය එක්සත් ජාතික පක්ෂය වෙත නැවත ලබාදීම සඳහා අවසර ලබා දෙමින් අභියාචනාධිකරණය පසුගියදා ලබාදුන් නියෝගය අභියෝගයට ලක් කරමින් අදාළ මන්ත්‍රීවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම අද(08) සලකා බැලුණා.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ පෙත්සම විභාගයට නොගෙන ම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
සබැඳි පුවත් – එජාපය අතහැර සජබට සහය දුන් එජාප මන්ත්‍රීවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහනයක්
එජාපයෙන් බලයට පැමිණ සජබයට සහය දුන් පුංචි මන්ත්‍රීවරුන්ගේ තනතුරු ගලවයි – තීන්දුව මෙන්න
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට