Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එජාප නායකට, මහලේකම්ට සහ විනය කමිටුවට එරෙහිව වාරණයක්

පළාත් පාලන නියෝජිතයින් ඉවත් කිරීමක් හරහට හිටී

සමගි ජන බලවේගයට සහයෝගය ලබා දුන් බවට චෝදනා කර එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් පහ කරනු ලැබූ ඉමදූව ප්‍රාදේශීය සභා විපක්ෂ නායක සහ මන්ත්‍රීනි හර්ෂණී කණ්ඩම්බි, හබරාදූව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන රෝහණ ප්‍රියන්ත සහ මනුජිත් ළමාහේවා යන අය වෙනුවට වෙනත් අයවලුන් නම් කිරීමෙන් සහ එකී තේරීම් භාර නිලධාරී වෙත යවන ලද උද්දේශිත පක්ෂ සාමාජිකත්වයෙන් පහ කිරීමේ ලිපි ප්‍රකාරව තවදුරටත් වෙනත් මොනයම් හෝ පියවර ගැනීමෙන් එ.ජා.ප මහ ලේකම් පාලිත රංගේ බංඩාර සහ එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ, විනය කමිටු ලේකම් වළක්වාලන වාරණ නියෝගයක් අද දින කොළඹ දිසා විනිසුරු අරුණ අළුත්ගේ මහතා විසින් නිකුත් කර තිබෙනවා.

පැමිණිල්ල වෙනුවෙන් නීතීඥ සංජීව කළුආරච්චි මහතා ගේ උපදෙස් මත නීතීඥ තාරක නානායක්කාර මහතා සමග හර්ෂණ එම් ද සිල්වා සහ බුඩ්වින් ඉෂාර සිරිවර්ධන යන නීතීඥවරුන් පෙනීසිටී බවයි වාර්තාවන්නේ.

එක්සත් ජාතික පක්ෂය විසින් පැමිණිලිකාර මන්ත්‍රීවරුන් ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමේදී ස්වභාවික යුක්ති මූලධර්ම බරපතල ලෙස උල්ලංඝණය කරමින් කරයුතු කර ඇති බවත් එසේ හෙයින් ඔවුන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීම මුල සිටම නීතිය ඉදිරියේ අවලංගු සහ ශුන්‍ය බවටත් පැමිණිල්ලේ නීතීඥවරුන් විසින් විනිශ්චිත නඩු තීන්දු ගණනාවක් ඇසුරින් ගෙන හැරපෑ කරුණු පදනම් කරගෙන එකී වාරණ නියෝගය නිකුත් කර තිබෙන්නේ.

ඒ අනුව අදාළ පැමිණිලිකාර මන්ත්‍රීවරුන්ට තව දුරටත් සිය මන්ත්‍රිධුරයන්හි කටයුතු කිරීමට අවස්ථාව හිමිව ඇති බවයි වාර්තාවන්නේ.

About The Author