2001 සහ 2015 බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු විසින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාග් උපදෙස් මත රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාවන් ඇතුළු ඔවුන් මුහුණ පා සිටින අනෙකුත් ගැටලු විසඳීමට ක්‍රියා කළ බව එකසත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කරනවා.
නමුත් වත්මන් ආණ්ඩුව විසින් පසුගිය පාලන සමයේ වැඩි කළ විශ්‍රාම වැටුප පවා කප්පාදු කර ඇති බවයි අබේවර්ධන මහතා පෙන්වා දෙන්නේ.
රටේ අනෙකුත් ජනතාව මෙන්ම විශ්‍රාමිකයන් ද මේවන විට දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව පෙන්වා දෙන ඒ මහතා රජය වහාම විශ්‍රාමිකයන්ගේ ගැටලු විසඳීමට පියවර ගත යුතු බව ද අවධාරණය කරනවා.
ඔහු මේ අදහස් පළ කළේ රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් පිරිසක් සමඟ පසුගියදා (16) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකට එක වෙමින්.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට