සියලු පුරවැසියන් සහයෝගයෙන් ජීවත්වන එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට සියලුබේද පසෙකලා 75 වන නිදහස් සංවත්සරය සමග සියලුදෙනා අත්වැල් බැඳගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ජනාධිතිවරවයා මේ බව සඳහන් කළේ ඊයේ (03) පස්වරුවේ කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී නීති වෘත්තිකයින් විසින් සංවිධානය කර තිබූ උත්සවය අමතමිනි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෘත්තීය නීතිඥ දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබිණි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඒකීය සහ එක්සත් භාවය බිඳ දමන ශ්‍රී ලංකාවේ ජනවාර්ගික හා ආගමික ගැටළුවලට එක්සත්ව විසඳුම් ලබාදීමේ නව වැඩපිළිවෙළක ඇරඹුම 75 වෙනි නිදහස් සැමරුමේදී සනිටුහන් කළ යුතු බවයි.
පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා කළ පරිදි සියලුදෙනාගේ සහාය ඊට හිමිවුවහොත් එය අසීරු කටයුත්තක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශපාලඥයින්ට පමණක් එය තනිව ඉටුකළ නොහැකි බවත්, නීතිඥයින් ඇතුළු වෘත්තිකයින්ගේ සහාය ඊට හිමිවිය යුතු බවත් සඳහන් කළේය.
රට මුහුණ පා ඇති ආර්ථික අභියෝගයන්ට අමතරව, සමස්ත ක්‍රමවේදය පිළිබඳව ජනතාවගේ ප්‍රශ්න කිරීම විශාල අභියෝගයක් බව පැවසූ ජනාධිපතිවරයා ජනතාව භුක්ති විඳින නිදහස තහවුරු කරන ව්‍යවස්ථාවක් සකස් කිරීම මෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාපිත පාලනයකට එම නව වැඩපිළිවෙළ මගින් ඉඩ සැළසෙනු ඇති බවට ද විශ්වාසය පළ කළේය. අතීතයේ සිදු වූ තුවාල ඔඩු දිවීමට ඉඩ නොතබා ඊට කඩිනම් විසඳුම් ලබාදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කරනු ලැබීය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට