වවුනියාව දිස්ත්‍රික්කයේ පිහිටි කෝවිල් හතරක එකම දිනයක පිං කැට කඩා මුදල් රැගෙන ගොස් ඇති බවට වවුනියාව පොලිසිය වෙත පෙරේදා (5 වැනිදා) පැමිණිලි ලැබී ඇති බව වවුනියාව පොලිසිය පැවසීය.
පොලිසිය පැවසුවේ වවුනියාව කන්දපුරම් ගණදෙවි කෝවිල, කන්දපුරම් අම්මාන් කෝවිල, තවසිකුලම වෛරවර් කෝවිල සහ පෝන්නාවරසන්කුලම ගණදෙවි කෝවිල එලෙස කිසියම් කණ්ඩායමක් විසින් කඩා දමා පිං කැටවල තිබූ මුදල් හා කෝවිල්වල පැවැති වටිනා භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් ඇති බවයි.
කිසියම් කණ්ඩායමක් සැලසුම් සහගතව පැමිණ, වසා තිබුණු කෝවිල්වල දොරවල් කඩා කෝවිල්වලට ඇතුළුවී ඇතැයි පොලිසිය කීවේය. වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
© මාධව කුලසූරිය – වව්නියාව


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට