Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඌවතැන්නේ සුමන හිමියන් අත්අඩංගුවට

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටියදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පොදු සමා කාලයක් මත මුදාහැර සිටි ඌවතැන්නේ සුමන හිමියන් අපරාධ පරීක්ෂණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2020 ජනවාරි මාසයේදී ගෝඨාභය ඌවතැන්නේ සුමන හිමියන්ව ජනාධිපති සමාව යටතේ නිදහස් කරනු ලැබුවේ සංඝාවාසය තුළ නීතිවිරෝධී අවි විශාල ප්‍රමාණයක් ගබඩා කිරීමේ චෝදනාව මත ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ අවස්ථාවේදීය.

මෙම නඩුවේදී කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අඩු මිලට පොල්තෙල් ලබාදෙන බවට පොරොන්දු වී විශාල මුදලක් වංචා කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

එමෙන්ම ඔහුට ලැබුණු මුදල් වෙනුවට ලබාදුන් චෙක්පත්ද මුදල් රහිත බවට බැංකුවේ දී ප්‍රතික්ෂේප වී තිබේ.

ඉන් අනතුරුව වංචා කළ වෙළෙන්දෙකුගේ පැමිණිල්ලක් මත ඌවතැන්නේ සුමන හිමියන් අපරාධ විමර්ශන කොට්ඨාශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර නුදුරේදීම අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසා තිබේ.

About The Author