ආණ්ඩුව සහ ඇමති ඩග්ලස් නිහඬ පිළිවෙතක බවට චෝදනා
දිනෙන් දින වැඩිවන ඉන්දීය ධීවරයින්ගේ බලපෑම් වෙනුවෙන් විසඳුම් ඉල්ලා අද (17) උතුරේ ධීවරයින් විශාල පිරිසක් මුලතිව් මුහුදු තීරයේ සිට යාපනය පේදුරුතුඩුව මුහුදු තීරය දක්වා මුහුදෙන් ගමන් කරමින් විරෝධතාවක් සංවිධානය කර තිබුණා.
උතුරු පලාතේ ක්‍රියාත්මක සියලු ධීවර සංගම් වල සංවිධානත්වයෙන් දෙමළ දේශපලන නියෝජිතයින්ගේද සහභාගීත්වයෙන් අද උදෑසන මුලතිව් මුලිලිවයික්කාල් මුහුදු තීරයෙන් පේදුරුතුඩුව දක්වා ධීවරයින් විරෝධතා දක්වමින් බොට්ටු ගමන් අරඹනු ලැබුවා.
‘අපේ ධීවරයින් ආරක්ෂා කරමු ‘ යන තේමාව යටතේ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා බලපෑම වහාම නවතන ලෙස ඉල්ලමින් මුලතිව් මුහුදු තීරයෙන් ධීවර බෝට්ටු 50 කට අධික ප්‍රමාණයක් විරෝධතාව සඳහා එක්වූ අතර ඔවුන් අද සවස පේදුරුතුඩුව මුහුදු තීරයට පැමිණෙන විට යාපනය ධිවරයින්ද ඒම විරෝධයට එක්වුණා.
එහිදී විරෝධතාවයේ නිරත වූ උතුරේ ධීවරයින් වැඩි දුරටත් පවසා සිටියේ .
‘මේ වන විට උතුරේ ධීවරයින්ගේ ධීවර කර්මාන්තය දැඩි ලෙසින් කඩා වැටීමකට ලක්ව ඇත්තේ ඉන්දීය ධීවරයින්ගෙන් සිදුවන අනිසි බලපෑම් නිසා බවටත් එහිදී පහරදීම් සහ දැල් ආම්පන්වලට හානි කිරීම් මෙන්ම බොට්ටුවලටද හානි කිරීම මගින් උතුරේ ධීවරයින්ට මුහුදු යාමට නොහැකි තත්වයක් උදා වී ඇති බවයි.
එබැවින් කඩිනමින් රජය එක්ව ඉන්දීය ධීවර තහනම දැඩි කොට උතුරු මුහුදට ඇතුලු වන ඉන්දීය ධීවරයින්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කොට උතුරේ ධීවරයින්ට නිදහසේ මසුන් ඇල්ලීමට අවස්ථාවක් සලසා දෙන ලෙස ද ඔවුන් ඉල්ලා සිටියා.
උතුරු නැගෙනහිර මහජන නියෝජිතයින් රැසක් ද මෙම විරෝධතාවයට එක්ව සිටියා.
මේ එම විරෝධතාවය අතරතුර අදහස් දැක් වූ දෙමළ ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍ය රාසමාණික්කම් මහතා
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි