කල්ලියේ නායකයාත් ඒ අතර බවට සැකයක්
යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී පසුගියදා ආයුධ කල්ලි ප්‍රහාරයකින් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබීමේ සිද්ධියට සම්බන්ධ ආයුධ කල්ලි නායකයා ඇතුලු 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි යාපනය පොලිසිය පවසනවා.
අදාල ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය සහ යුද හමුදා බුද්ධි අංශය විසින් සිදුකරන ලද පරික්ෂණයන් තුලදී ස්ථාන කිහිපයකින් මෙලෙස සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස අතර ආවා කල්ලියේ වත්මන් නායකයා ලෙස සැලකෙන විනෝදන් නම් පුද්ගලයාද සිටින බවට පොලීසිය සැක පල කරනවා.
මේ අතර අත්අඩංගුවට පත්ව සිටින පිරිසෙන් පොලිස් පරික්ෂණ සිදුකෙරෙන අතරතුරදී ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු පොලීසියට භාර වී තිබෙනවා.
අගෝස්තු 22 වනද රාත්‍රියේ ගුරුනගර් මුහුදු මාර්ගය අසලදී තියුණු ආයුධගත් පිරිසකගේ පහරදීමෙන් බරපතල තුවාල ලැබූ තිදෙනෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව 24 වනදා අලුයම එක් අයෙකු මිය ගොස් තිබුණා.
මෙම ප්‍රහාරය ඇතුලු යාපනය දිස්ත්‍රීක්කයේ පසුගිය දිනයන්හි සිදුවූ ප්‍රචණ්ඩකක්‍රියා රැසකට දායක වූ පිරිස් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවටද පොලීසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය කන්කසන්තුරය, තෙලිප්පලෙයි, චුන්නාකම්, කෝපායි ආදි ප්‍රදේශයන්හි පදිංචි කරුවන් බවයි හෙළිව ඇත්තේ.
© වන්නි රොමේෂ් මධුෂංඛ


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට