බොරැල්ල පොලිස් වසමේ, සර්පන්ටයින් මහල් නිවාසයේ තුන්වන මහලෙන් බිමට වැටී දරුවෙක් බරපතළ තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ (13) දහවල් කාලයේ එම අනතුර සිදුව ඇති බවය.
එලෙස තුවාල ලබා ඇත්තේ අවුරුදු 16ක් වූ මැගසින් පාර, බොරැල්ල යන ලිපිනයේ පදිංචිව සිටි දරුවෙකි.
තුවාල ලැබූ දරුවාගේ මව දරුවා නිවසේ නොමැති බව දැන ගැනීමෙන් අනතුරුව ඔහුව සොයා ඇත.
පසුව ඔහු නිතර යන එන තැනක් වන බැවින් අදාළ මහල් නිවසේ තුන්වන මහලේ පිහිටි නිවස වෙත ගොස් කතා කිරීමේ දී නිවස තුළ සිටි දරුවා කලබලයට පත්ව පිටුපස ජනේලයෙන් පිටතට පැමිණ බිත්තියේ තිබෙන ග්‍රිල් ආධාරයෙන් බිමට බැසීමට උත්සාහ දරා තිබේ.
එම අවස්ථාවේ දී දරුවා අනතුරට ලක්ව ඇති අතර, පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
මේ වනවිට දරුවා හදිසි ප්‍රතිකාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට