මාස 10 කට පසු ප්‍රථම වතාවට ඊශ්‍රායලය සිය නව දෛනික කොවිඩ් -19 මරණ සංඛ්‍යාව බිංදුවක් වන බව වාර්තා කර ඇත.
ගෙවුණු බ්‍රහස්පතින්දා දිනයේ දී 6,346ක් වූ එරට කොවිඩ් වෛරස මරණ සංඛ්‍යාව අද වන තෙක් නොවෙනස් ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙයි.
පළමු වරට සමාජගත වූ ආසාදන රැල්ල මැඬපැවැත්වීමෙන් පසු කොවිඩ් -19 මරණ ගණන ශුන්‍ය වූ බව ඊශ්‍රායලය අවසන් වරට වාර්තා කළේ පසුගිය වසරේ ජුනි මස අවසානයේ දී ය.
එනමුත් මේ වසරේ ජනවාරි මාසයේ දී මරණ ගණන නැවතත් උපරිමයට පැමිණියේ ය.
එයින් මාසයකට පසුව ඊශ්‍රායල් රජය විසින් කොවිඩ් -19 වෙරසයට එරෙහි ව එන්නත් ලබා දීම වඩාත් පුළුල් ලෙස සිදු කිරීමට පටන් ගැනීම නිසා රට වසා දැමීමේ සීමාවන් ද ලිහිල් කිරීමට හැකි විය.
ලොව වැඩි ම එන්නත් අනුපාතය ඊශ්‍රායලය සතු ය. බ්‍රහස්පතින්දා වන විට ඔවුන් විසින් භාවිත කර තිබෙන කෝවිඩ් -19 එන්නත් ගණන මිලියන පහක් විය.



අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර