රාජ්‍ය ආයතන මුල් පුටුවල සිටින ඇතැම් ප්‍රධාන නිලධාරීන් ඉස්ලාමීය අන්තවාදී සංවිධානවලට නතු වී කටයුතු කරන බව රාජ්‍ය බුද්ධි අංශ විමර්ශනයකින් අනාවරණය වී තිබේ.
මෙම සංවිධාන සම්බන්ධයෙන් රජය ගන්නා තීන්දු තීරණ පවා මෙම නිලධාරීන් මගින් එම සංවිධානවලට ලැබෙන බවට ද තොරතුරු හෙළි වී ඇත.
මහ බැංකුව, නීතිපති දෙපාර්තමේන්තුව, වරාය, ගුවන්තොටුපොළ, සෞඛ්‍ය අමාත්‍යාංශ ආදී ආයතන ඇතුළු රාජ්‍ය ආයතනවල සිටින ඉහළ නිලධාරීන් සැලසුම් සහගතව එම සංවිධානවල මතයන්ට නතුකරගෙන ඇතැයි ද තොරතුරු ලැබී තිබේ. ඒ අතරට මහාචාර්යවරුන්, ඉංජිනේරුවරුන්, පරිගණක විද්‍යාඥයන් ඇතුළු ඉහළ තනතුරු හොබවන පුද්ගලයන් ඇතුළත් බව ද සඳහන්ය.
මෙසේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි තැන් හා එම මර්මස්ථාන වල ඉහළ තනතුරු දරන පුද්ගලයන් සම්බන්ධව රාජ්‍ය ඔත්තු සේවාව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්යාංශය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් අරඹා ඇත.
© අරුණ – තිස්ස රවින්ද්‍ර පෙරේරා


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට