Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉන්ධන හිඟයක් ඇතිවන බව කියූ ආනන්ද පාලිතට ඇප

මෙරට තුල ඉන්ධන හිඟයක් ඇති වන බව අනාවැකි පළ කරමින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතා ඇප මත නිදහස් කිරීමට අධිකරණය අද නියෝග කර තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගල ඇප දෙකක් මතයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී අසත්‍යය කරුණු ඉදිරිපත් කළ බවට චෝදනා කරමින් ඔහුට විරුද්ධව නඩු පවරා තිබුණා.

නඩු කටයුතු සඳහා විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ලේ එක් සාමාජිකයෙකු වන යසස් ද සිල්වා මහතා විසින් සිය ෆේස්බුක් ගිණුමෙහි මේ පිළිබඳ සටහනක් තබා තිබෙනවා.

ඉන් ඔහු අවධාරණය කරන්නේ රජය විවේචනය කිරීමට ජනතාවට ඇති අයිතිය හබ කිරීමට හෝ විවේචකයන් බිය ගන්වමින් දණ්ඩ නීති සංග්‍රහය අවභාවිතා කිරීම කිසිවෙකුට හැකියාවක් නොමැති බව අද අධිකරණයේදී තහවුරු වූ බවයි.

නීතිඥ යසස් ද සිල්වා මහතාගේ සටහන පහලින්

පාලිතට ඇප!

වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත තෙල් සංචිත හිගය ගැන කල මාධ්‍ය සාකාච්චාවට ට එරෙහිව CID විසින් නඩු පවරා තිබුනේ ද නී ස 120 වගන්තිය යටතේ සහ පොලිස් ආ ප 98 වගන්තිය යතේය.

ගරු අධිකරණය පාලිතට ඇප ලබා දීමට විරුද්ධව CID ඉදිරිපත්කල තවත් තර්කයක් වූයේ පාලිත නැවත නැවත මෙවන් ප්‍රකාශ කල හැකි බවය.

ගරු අධිකරණය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මූලික අයිතියක් බැවින් පාලිත කර ඇත්තේ අසත්‍ය ප්‍රකාශයක් දැයි යන්නමෙතෙක් තහවුරු කර නොගෙන තිබීමත් ඇප පනතේ ඇප ලබා නොදීමට එය හේතුවක් නොවීමත් මත පාලිතට ඇප ලබා දීම කරන ලදි.

ආනන්ද පාලිත වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා , ජනාධිපති නීතිඥ නිස්සංක නානායක්කාර, ජනාධිපති නීතිඥ තිසත් විජයගුණවර්ධන, ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම්, නීතිඥ සංජීව සෙනෙවිරත්න, නීතිඥ කපිල කිත්සිරි සමග මමද පෙනී සිටියා.

රජය විවේචකයන් බිය ගැන්වීම සදහා දිගින් දිගටම මෙම වගන්ති අවභාවිත කරන බව පෙනී යන බැවින් පහත් සදහන් නඩු තීන්දු වැදගත් එකක් බැවින් පහත් දක්වමි.

එසේම පොලීසිය සිතා සිටින්නේ ලංකාංඩුව යනු බලයට පත්වන රජය කියානම් එය බර පතල වරදකි.

රජය විවේචණය කිරීමටත් ජනයාට කරුණු දැක්වීමටත් ඇති අයිතිය හබකල නොහැකිය.

SC/FR/768/2009 -DECIDED ON: 05.11.2015Section 120 must be read with its explanation which reads as follows:Explanation – It is not an offence under this section by intending to show that the President or the Government of the Republic have been misled or mistaken in measures or to point out errors or defects in the Government or any part of it, or in the administration of justice, with a view to the reformation of such alleged errors ordefects, or to excite the People of Sri Lanka to attempt to procure by lawful means the alteration of any matter by law established, or to point out in order to their removal matters which are producing or have a tendency to produce feelings of hatred or ill-will between different classes of the People of Sri Lanka.The Penal effect of this section read along with the explanationneed to be understood, that pointing out errors or mistakes of the Government cannot form the basis of an offence.The Constitutional guaranteed freedom of speech and expressionwould not be negated by Section 120 of the Penal Code. Provision of Section 120 of the Penal code and its explanation contained therein guarantee freedom of expression and speech, and the explanation to the section no doubt fortify thisposition in great measure. Whatever comments and strongly used words against the government which does not excite feelings and cause public disorder by acts of violence cannot be a basis to prosecute a person under Section 120 of thePenal Code. Joseph Perera alias Bruten Perera Vs. The Attorney General and Others 1992 1 SLR 199“…. There must be untrammeled publication of news and views and of the opinions of political parties which are critical of the actions of government and expose its weakness.Government must be prevented from assuming the guardianship of the public mind. Truth can be sifted out from falsehood only if the Government is vigorously and constantly cross-examined.Amaratunga Vs. Sirimal and Others (Jana Ghosha Case) 1993 1 SLR 264,“The right to support or to criticize Governments and political parties, policies andprogrammes, is fundamental to the democratic way of life, and the freedom of speech and expression is one which cannot be denied without violating those fundamental principles of liberty and justice which lie at the base of all civil and political institutions”(pg. 271)

About The Author