ඉන්ධන පෝලිම් ආශ්‍රිතව සිදු වූ මාධ්‍යයට වාර්තා වූ තුන්වන මරණය එයයි
නිට්ටඹුව පොලිස් වසමේ හොරගොල්ල ඉන්ධන පිරවුම්හල අසලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
ඊයේ (20) රාත්‍රි කාලයේදී එම ඝාතනය වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කරනවා.
ඉන්ධන ලබාගැනීමට පැමිණි යතුරුපැදිකරුවෙකු හා ත්‍රිරෝද රථ රියදුරෙකු අතර බහින් බස් වීමක් ඇති වී ඇති අතර පසුව ත්‍රිරෝද රථ රියදුරු ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටව ගොස් යතුරු පඩි කරු පැමිණෙන තුරු රැක සිට ඇති බවයි වාර්තාවන්නේ.
ආරවුල ඇතිකරගත් යතුරුපැදිකරු ඉන්ධන ලබාගෙන යන විට ත්‍රිරෝද රථ රියදුරු ඔහුට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර පලාගොස් තිබෙනවා.
අනතුරුව තුවාලකරුව වතුපිටිවල රෝහල ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පොලීසිය නිවේදනය කළේ.
එලෙස මියගොස් ඇත්තේ, 28 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි