ඉන්දියාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 325,998ක් බවට පත් වී තිබේ. එයින් ලක්ෂයක් ම සිදු ව ඇත්තේ පසුගිය මාසය තුළ දී බවට වාර්තා වෙයි. මේ වන ඉන්දියාවෙන් හමු වී ඇති මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 27,894,800කි.
එනමුත් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන මෙන් ම මරණ ගණන ද මෙයට වඩා බොහෝ වැඩි බව කියවේ. මන්දයත් නිළ වශයෙන් වාර්තා වන්නේ රෝහල් තුළ මිය ගිය හා ලේඛනගත ව ආසාදිතයින් ගණන පමණක් වන බැවිනි. කුඩා ගම්මාන හා අඩු පහසුකම් සහිත ප්‍රාන්තවල තත්ත්වය කුමක්දැයි කිසිවෙකුටත් කිව නොහැකි ය
පසුගිය දිනෙක මේ සම්බන්ධයෙන් වඩාත් නිවැරදි දත්ත සොයා ගැනීමට උත්සාහ කළ මාධ්‍යවේදීන් පිරිසක් මේ වන විට රට පුරා මෝචරි තුළ තබා තිබෙන කොවිඩ් මෘත ශරීර ගණන් කිරීමේ වැඩපිළිවෙළක් දියත් කර තිබේ. ඒ අනුව ඔවුන් එළඹ තිබෙන නිගමනය වන්නේ දෙවන රැල්ලෙන් මිය ගිය ආසාදිතයින් ගණන මිලියනයක් පමණ වන බව යි.


අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර