Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉන්දියාවේ තියෙන්නෙත් මේ රෝග ලක්ෂණමයි – වි‌‌‌ශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් ඇඟේ ලේ වතුර වෙන හෙළිදරව්වක්

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ වාර්තා වන රෝගීන් පෙන්වමින් සිටින්නේද ඉන්දියාවේ රෝගීන් පෙන්වන රෝග ලක්ෂණ වලට සමාන රෝග ලක්ෂණ බව හෝමාගම කොව්ඩ් මර්ධන රෝහලේ කායික රෝග පිළිබඳ වි‌‌‌ශේෂඥ වෛද්‍ය එරංග නාරන්ගොඩ මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ වර්තමානයේ කොවිඩ් ආසාදිත රෝගීන් වෛරසය ශරීරයට ඇතුළු වී දින තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත නියුමෝනියා තත්වයට පත්වීමේ අවදානමක් පවතින බවයි.

එලෙස නියුමෝනියා තත්වයට පත් වූ පසු බොහෝ විට ඔවුන්ට ප්‍රතිකාර කිරීමට සිදුවන්නේ ස්වසන ආධාරක වලට සවිකොට ඔක්සිජන් ලබා දෙමින් බවද ඔහු සඳහන් කරනවා.

මේ වන විටත් හෝමාගම රෝහල තුළ ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් හතරෙන් එකකට පමණ කෘතීම ස්වාසනාධාරක යන්ත්‍ර ආධාරයෙන් ප්‍රතිකාර ලබාදීමට සිදුව ඇති බවද ඔහු මෙහිදී සඳහන් කළා.

බරපතළ රෝග ලක්ෂණ නොපෙන්වීම වර්තමානයේ ව්‍යාප්තවන වෛරස් ප්‍රභේදයෙහි තත්වය බවත් මද උණ ගතිය, සියුම් ඇඟපත වේදනාව සහ කෑම අරුචිය වැනි තත්වයන් රෝග ලක්ෂණ ලෙස මතුවන බවත් වෛද්‍ය නාරන්ගොඩ මහතා පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් එලෙසින් සුළු රෝග ලක්ෂණ පෙන්වුවද පෙනහළුවලට ඇතුළුවන වෛරසය,පෙනහළු අසාදනය කොට නියුමෝනියා තත්වයක් ඇති කරන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

කොරෝනා මර්ධන එන්නත් ලබාගත් පුද්ගලයන් ද අසාධිතයින් අතර සිටින බව පෙන්වා දුන් වෛද්‍ය එරංග නාරන්ගොඩ මහතා දෙවන මාත්‍රාව ලබා ගැනීමේ වැදගත් කමද මතුකළා.

About The Author