ජනපතිගේ නියෝගයෙන් කැබිනට් මණ්ඩල අනුකමිටුවේ අනුමැතිය ලැබිලා
ඉන්දියාවේ පවා ආන්දෝලනයට තුඩුදී ඇති අදානි සමාගමට ශ්‍රී ලංකාව තුළ තවදුරටත් ආයෝජන සිදු කිරීම සඳහා අවස්ථාව සලසා දීමට ජනාධිපතිවරයා ප්රමුඛ රජය තීරණය කර ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඔහු පවසන්නේ අදාළ යෝජනා සඳහා අකුල් හෙළන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි.
ශ්‍රී ලංකා වරාය සතුව පැවති බටහිර පර්යන්තයේ බහුතර කොටස් අයිතියද දැන් පවතින්නේ අදානි සමාගම සසතුවයි.
ඒ සම්බන්ධයෙන් මහාමාර්ග අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහළින්..
ඉදිරි වසර 6 ඇතුලත පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් මෙගා වොට් 5000 ක ප්‍රමාණයක් උත්පාදනය කර එය ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට ජනාධිපතිතුමාගෙන් උපදෙස්..
පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා ඉන්දීය අදානි සමාගමෙන් ඩොලර් මිලියන 500 ක ආයෝජනයට කැබිනට් මණ්ඩල අනුකමිටුවේ අනුමැතිය – ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක , මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු
ඉදිරි වසර 06 ඇතුලත පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් මෙගා වොට් 5000 ක ප්‍රමාණයක් උත්පාදනය කර එය ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට කටයුතු කිරීමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දුන් බව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් කඩිනම් කිරීම සඳහා පත් කල අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති , ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක , මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
එමෙන්ම මෙරට පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති සඳහා ඉන්දීය අදානි සමාගම ප්‍රථම අදියර ලෙස ඩොලර් මිලියන 500 ක් ආයෝජනය කල බවත් ඒ සඳහා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් කඩිනම් කිරීම සඳහා පත් කල අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ අනුමැතිය ලබා දුන් බවත් ඉදිරියේ දී මෙරට පුනර්ජනනීය ව්‍යාපෘතීන් සඳහා අදානි සමාගම තවත් ආයෝජනය කරන බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
කිසි ලෙසකත් පැමිණෙන ආයෝජන ප්‍රමාද නොකරන බවත් කිසියම් පිරිසක් මෙම ආයෝජන පමා කරන්නට කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
නව නිවාස සෑදීම , අලුතින් කර්මාන්තශාල ඇති කිරීම වැනි දෑ නිසා වාර්ෂිකව අලුතින් 5% – 8% ප්‍රමාණයකින් විදුලි බල ඉල්ලුම වැඩිවේ. මෙම අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්තිය මඟින් උත්පාදනය කරන විදුලිය ලබා දීම කෙරෙහි අවධානය යොමුකරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
දැනට හඳුනාගෙන ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින් අතරින් සුදුසු ආයෝජකයින් තෝරා ගැනීම , ඉහල ශක්‍යතාවයෙන් යුතු නව ව්‍යාපෘතීන් හඳුනාගැනීම , ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා පවතින නීතිමය හා අනෙකුත් බාධාවන් ඉවත් කිරීම සඳහා යෝග්‍ය පියවර ගැනීම , පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් උත්පාදනය කරනු ලබන විදුලිය මධ්‍යම සම්ප්‍රේෂණ ජාලයට සම්බන්ධ කිරීමේ පහසුකම් වැඩි දියුණු කිරීම වැනි කාර්යන් කෙරෙහි මේ වන විට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ අවධානය යොමු වී ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි