Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මෝදි බින්දුවට වැටෙන ලකුණු – ඉන්දියාව පාලනයෙන් ගිලිහෙයි

මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 16,684,985ක් වන අතර මරණ ගණන 189,947කි. ඊයේ දිනයට වඩා අද දිනයේ මරණ සංඛ්‍යාව 2,000කින් වැඩි ය. ඇතැම්හු මෙය නව ප්‍රභේදයක් බවත්, එබැවින් එය පාලනය කිරීමට අසීරු බවත් පවසති. එනමුත් අදාළ ප්‍රභේදය පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ම පැතිරෙමින් පවතින බව නොරහසකි. 

පසුගිය මාස හය පුරාවට දැන සිටි මෙම කොවිඩ් ප්‍රභේදය පාලනය කර ගැනීම පිණිස අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් එරට අගමැති නරේන්ද්‍රසිං මෝදි ඇතුළු නිළධාරීන් පිරිස මහජනතාවගේ පමණක් නොව ජාත්‍යන්තරයේ ද දැඩි දෝෂදර්ශනයට ලක් වී තිබේ. 

මේ වන විට ඉන්දියාව විශාලා මහනුවර මෙනි. තැනින් තැන මිනී පිළිස්සෙයි. මිනිස්සු මහමඟ මිය යති. ⁣තත්ත්වය මෙතරම් දරුණු බවට පත් වන තුරු ම අගමැතිවරයා හා වගකිව යුතු නිළධාරීන් සිටියේ ඇස් කන් වසාගෙන ය. මෝදි වරින් වර ප්‍රකාශයන් නිකුත් කරමින් තත්ත්වය බරපතල යැයි කියූ බව සැබෑවකි. එසේ නම් එය තවදුරටත් භයානක වීම වැළැක්වීම සඳහා පියවර ගත යුතු ව තිබුණා නොවේ ද? ජනතාවට සිය රැකියා ස්ථානවලින් කිසිදු සහනයක් නොලැබෙන්නේ නම්, පාසල් විවෘත වී තිබේ නම්, මුඛ ආවරණයක් පැලඳ සාමාන්‍ය පරිදි කටයුතු කරනවා හැරෙන්නට ඔවුනට කළ හැකි දෙයක් නොමැත. 

අදාළ ස්ථාන හුදෙකලා කිරීමට, සංචරණය සීමා කිරීමට හෝ එසේත් නැතහොත් දින කිහිපයකට රට වසා දැමීමට වුව ද, අවශ්‍ය බව පෙනේ නම් සිදු කිරීමට පාලකයා පසුබට නොවිය යුතු ය. එසේ නොකොට ජනතාව දෙසට ඇඟිල්ල දිගු කොටඅත පිස දා ගැනීම හේතුවෙන් අද ඉන්දියානු පාලක පක්ෂය මහජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක් ව තිබේ. අවාසනාවකට මෙන් පෙනී යන්නේ මේ වන විට ඉන්දියාවේ පාලනය ගිලිහී අවසන් බව ය.

කෝ. රෝ. නා. – කෝයී. රෝඩ් පර්. නා නික්ලේ.. (කවුරුවත් පාරට යන්න එපා)

About The Author