ඉන්දීය ජාතිකයින් පිරිසක් ශ්‍රී ලංකාව තුළ නිරෝධායනය කිරිමේ සූදානමක් පවතින බවට එල්ල වන චෝදනා අසත්‍ය බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද (27) එක්වෙමින්.
ඉන්දීය ජාතිකයින්ට මෙරට තුළ නිරෝධායනය සඳහා අවස්ථාව ලබාදීමට රජයේ නිලධාරින් සහ ව්‍යාපාරිකයින් ඉදිරිපත්ව සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනමහතා එල්ල කළ චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා.
කෙසේ වෙතත් මේ පිළිබද මුල්ම අනාවරණය සිදු කළ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේ මේ වන විටත් එලෙස ඉන්දියාවේ සිට පැමිණි පිරිස් මහනුවර ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටින බවට තමන් වෙත සාක්ෂි පවා ඇති බවයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට