වසර ගණනාවක් තිස්සේ ලොව පුරා කෙරෙමින් පවතින වකුගඩු වෙළෙඳාමේ තත්ත්වය මේ වන විට වඩාත් නරක අතර හැරී තිබේ. විශේෂයෙන් ඇෆ්ගනිස්තානයේ දුප්පත් ගම්මානවල වෙසෙන පිරිමින්ගෙන් 150කට 32ක් තම වකුගඩු දෙකෙන් එකක් සිය කැමරත්තෙන් ම විකුණා තිබෙන බවට වාර්තා වී ඇත.
පැතිර යන කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ ජනතාවගේ එදිනෙදා ජීවනෝපාය මාර්ග අවහිර වී තිබීමෙන් සිය පවුලේ අවශ්‍යතා ඉටු කර ගත නොහැකි වීම මෙම තත්ත්වයට වඩාත බලපා තිබෙන බව පෙනේ.
මෙසේ කළු වෙළෙඳපොළ තුළ දී නීරෝගී පුරුෂයෙකුගේ එක් වකුගඩුවක් ඩොලර් 2,800ක මුදලකට එනම්, ඇෆ්ගනී 300,000කට පමණ අලෙවි කර ගත හැකි වීමෙන් මාස ගණනාවක වියදම පියවා ගැනීමට එරට දුප්පත් පවුල් බොහෝමයකට හැකි වී තිබේ.
කෙසේ වුවත් මෙසේ අදාළ අවයවය ශරීරයෙන් ඉවත් කිරීමෙන් පසු පෙර මෙන් එදිනෙදා කටයුතුවල නිරත වීමට නොහැකි වන බැවින්, එලෙස උපයා ගනු ලැබූ මුදල් අවසන් වීමෙන් පසු ඔවුන් අතිශය බරපතල මූල්‍ය අර්බුදයකට මුහුණ දෙනු ඇත.
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්