මිනිසුන්ගේ අතමිට සරුයි දැක්කනේ ඊයේ කිලෝමීටර් ගාණක් දිග පෝලිම – ඇමති රෝහිත ආර්ථිකය ගැන කියයි
හිටි හැටියේ ඒ ඊයේ දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වල මත්පැන් රාත්‍රිය දක්වාම විවෘත කර තිබුණා.
ඒ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ(17) පෙරවරුවේ රැස් වෙමින් නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් මස මුල සතිය දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ පසුබිමක් තුළයි.
දැඩි අවධානමක් මත්පැන් අලෙවිසල් විවෘත කළේ කාගේ වුවමනාවටද?
නිරෝධයන ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් පූර්ණ බලතල පැවරී ඇත්තේ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාටයි.
නමුත් අද හෙළිවූයේ ඔහු ද මේ පිළිබඳව කිසිවක් නොදන්නා බවයි.
කෙසේ නමුත් සුරබදු දෙපාර්තමේන්තුව මත්පැන් හල් විවෘත කිරීම සම්බන්ධයෙන් අවසරයක් ලබාදී ඇති බව අසන්නට ලැබුණා.
නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති මොහොතක එම නීතිය උල්ලංඝනය කරමින් සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝග නිකුත් කළ හැකිද?
මුදල් අමාත්‍යාංශය යටතේ ඇති සුරාබදු දෙපාර්තමේන්තුව ඒ සඳහා අවසර ලබා දුන්නේ කවුද?
විෂයභාර අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ සම්බන්ධ තොරතුරු දන්නවාද?
යන ප්රශ්නය මේ වනවිටත් සමාජය හමුවේ ඉතිරිව තිබෙනවා.
ඇමති රෝහිත ගේ ප්‍රතිචාරය
ඊයේ දිනයේ සුරාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගෙන් මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේ ඔහු අපූරු පිළිතුරක් ලබා දුන්නා.
ඒ පසුගිය කාලයේ සුරාසැල් වසා තැබීම හේතුවෙන් කසිප්පු පානය සඳහා ජනතාව පෙළඹී ඇති බවයි.
එවැනි තත්ත්වයක් තුළ සුරාසැල් විවෘත කිරීමේ වරදක් නොමැති බවද ඔහු පැවසුවා.
එමෙන්ම ජනතාවගේ ආර්ථික කඩා වැටී ඇති බවට පලවන වාර්තා අසත්‍ය බව සඳහන් කළ රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා ජනතාව අතර යහමින් මුදල් ගැවසෙන බවට කදිම නිදසුන කිලෝමීටර් එකහමාරක් පමණ දුරට විහිදී ගිය පෝලිම් මගින් පැහැදිලි වූ බව සඳහන් කළා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි